gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යුගදනවි ඇමරිකාට දුන් අය රට පාවාදුන්නෝ වෙනවා - චන්දිම

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීම හා සම්බන්ධ ගිවිසුම ජාතිය පාවාදීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අවධාරණය කරයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉඩදුන් අමාත්‍ය මණ්ඩලයෙ සියලු දෙනා මෙරට අනාගතය පාවාදීමේ වරදකරුවන් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

යුගදනවි බලාගාරය හා සම්බන්ධ ආන්දෝලනාත්මක ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් චන්දිම විරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.

මේක ජාතිය පාවා දීමක්. රටේ නීතිපතිවරයාගේ අනුදැනුම නැතුව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගහපු ගිවිසුමක් සගවාගෙන ඉන්න බැහැ. මේ තීන්දුව කැබිනට් එකේ ඉදන් ගත්තා නම් මේ පාවාදීමට ඔවුනුත් හවුල් බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka