කාබනික පොහොර වගාව අසාර්ථක වූයේ පරිසර අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ජනාධිපති කාර්ය සාධක බළකාය සහ මාධ්‍ය මගින් නිසි සහායක් නොලැබුණු නිසා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එමනිසා ඉදිරියේදී හරිත කෘෂිකර්මයට යොමුවන ගොවීන්ට පමණක් පොහොර සහනාධාරය ලබා දෙන බව කී ඇමැතිවරයා අනෙක් ගොවීන්ට රසායනික පොහොර මිලදී ගැනීමට සිදුවන බවද කීය.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.