මාස තුනේ සිඟිත්තිය ලක්ෂ 7කට විකුණා අම්මයි තාත්තයි සල්ලිවලින් කුඩු ගහලා! බෑග් එකේ තිබ්බ ගවුමෙන් සියල්ල හෙළිවෙයි!
කුරුණෑගල නගරයේ නීතිඥවරයකු මගින් ලියුමක් ලියා මාස 3ක සිඟිති දියණියක අනුරාධපුර ප්‍රදේශයේ යුවළකට ලක්ෂ 7කට අලෙවි කර එම මුදල්වලින් මත්කුඩු පානය කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.
කුඩු සමග අත්අඩංගුවට ගත් මෙම කතගේ බෑගයේ කුඩා දරුවකුගේ ගවුමක් තිබී ඒ පිළිබඳව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම අසු වී ඇත.
දරුවා අලෙවි කළ මුදලින් සැකකාර අඹුසැමි යුවළ රුපියල් 30,000 කුඩු මිලට ගෙන ඇති බව වාර්තා වේ.
ඉතිරි 6,70,000 මුදල බැංකුවේ තැන්පත් කර ඇති බවට මූලිකර පරික්ෂණවලින් අනාවරණය වි ඇත.
මාස තුනේ සිඟිත්තිය ලක්ෂ 7කට විකුණා අම්මයි තාත්තයි සල්ලිවලින් කුඩු ගහලා! බෑග් එකේ තිබ්බ ගවුමෙන් සියල්ල හෙළිවෙයි!
2021-12-19T17:33:00+05:30
Gossip Lanka Hot News




