gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරන්නේ තමන් එයට සම්බන්ධ නිසාද? සිරිල් ගාමිණී පියතුමා රජයෙන් ප්‍රශ්න කරයි (VIDEO)

අද දිනය වනවිට පාස්කු ප්‍රහාරය සිදු වී මාස 32ක් ගත වී ඇතත් ඒ ගැන සත්‍ය හෙළිදරව් නොකරන්නේ වර්තමාන ජනාධිපතිවරයා හා රජය ඊට සම්බන්ධ නිසාදැයි සිරිල් ගාමිණි පියතුමා අද (21) අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය  හමුවේදී ප්‍රශ්න කර සිටියහ.

පෙනෙන්නට ඇත්තේ ඇත්ත හෙළිදරව් වීම වැලැක්වීමක් සිදුවන බව යැයි පියතුමා සඳහන් කළහ.
 
වත්මන් ජනාධිපතිවරයාගේ සහ රජයේ සම්බන්ධයක් පාස්කු ප්‍රහාරයට නැත්නම් එහි සත්‍ය හෙළිදරව් කරගැනීමට උත්සහ නොකරන්නේ ඇයිද යන ප්‍රශ්නය පවතින බවයි උන්වහන්සේ කියාසිටියේ.

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් සභා වාර්තා දෙකක් ඉදිරිපත්ව ඇති අතර ඒවායෙහි එම ප්‍රහාරයට වගකිව යුතු අයගේ නම් එමෙන්ම ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ දක්වා තිබියදීත් ඒවා ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ සඳහා කළ ජනතා මුදල් නාස්තිය ගැන ආණ්ඩුව වගකිව යුතු බවයි පියතුමා අවධාරණය කළේ.  

මූලිකව එම කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක වුණා නම් ප්‍රහාරය ගැන සත්‍ය ලොවට හෙළි වන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

''සහරාන්ව අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තියෙද්දී DIG නාලක සිල්වාව අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට ගන්නේ කුමන්ත්‍රණ සිද්ධියක් පිළිබඳව කියල. නාමල් කුමාර කියල කෙනෙක් ඇවිල්ල කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාව සිටි ඒ කාලය වන විට ඔහු ජනාධිපති අපේක්ෂකයාව සිටියේත් නැති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් ඝාතන කුමන්ත්‍රණයක් තියෙනවා කිව්වම නාලක සිල්වාව අත්අඩංගුවට ගන්නවා. එතනින් එහාට සහරාන්ව අත්අඩංගුවට ගන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි අහන දේ තමයි ඒ ඝාතන කුමන්ත්‍රණය ගැන කළ විමර්ශන කෝ.''

මේ ඝාතන කුමන්ත්‍රණය ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සොයා නොබැලීමෙන් පෙන්නුම් කරන්නේ එම කුමන්ත්‍රණය ගැන එය සත්‍ය යටපත් කිරීමක් නැත්නම් එය නාඩගමක් බව සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් කියා සිටියහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka