gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිවිරෝධී විදෙස් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සැක සහිත ගිණුම් තහනම් කරනවා - මහබැංකු අධිපති (VIDEO)

විදෙස් රටවල සිට මෙරටට නීතිවිරෝධී ක්‍රමවේද හරහා එවනු ලැබූ විදේශ මුදල් වෙනුවෙන් මසක පමණ කාලයක් තුළ මෙරටදී රුපියල් කෝටි 7200ක පමණ මුදලක් බෙදාහැර ඇති බවක් පෙනෙන්නට ඇති බවත් බොහෝ විට මේවා මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් ඉපයූ මුදල් වියහැකි හෙයින් එවැනි සැක සහිත ගිණුම් තහනම් කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 

 ''ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලා එන ක්ෂේත්‍ර ගැන සලකා බලනකොට ඉතාමත්ම ඉහළින්ම තිබෙන එක ක්ෂේත්‍රයක් තමයි ප්‍රේෂණ. ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදලක් වසරකට මේ ක්ෂේත්‍රයෙන් එවනු ලැබුවා. අපි දැක්කා පසුගිය මාසය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ අඩුවීමක් සිද්ධ වෙලා තිබෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරු කරගන්නා නිසා රුපියල් 200ක විතර තිබෙන හුවමාරු අනුපාතය 240කින් විතර සමහරක් තැන්වලදී ගෙවන බව අපට තේරෙනවා. 

ඇමරිකානු ඩොලර් මිලියන 300ක් කියන්නෙ මෙහෙ රුපියල් බිලියන 72ක් බෙදාහරින්න ඕනෙ. රුපියල් කෝටි 7200ක් මේ රටේ බෙදාහරින්න අවශ්‍යයි. එහෙම බෙදාහරිනවා නම් මේ සල්ලි කොහෙන්ද ? වැඩි ප්‍රමාණයක් කුඩු ජාවාරම්වලින් එන මුදල් වෙන්න පුළුවන්. මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක් මුදල් හේතුවක් නැතුව තවත් කෙනෙක්ගෙ ගිණුමකට හුවමාරු කරනවා නම්, මුදල් වලින් ලබාදෙනවා නම් ඒ පිළිබඳව අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නට මහබැංකුවට පුළුවන්''

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka