gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විහිළුකාරයෝ කැබිනට්ටුවේ දාගෙන රටක් හදන්න බෑ. ජනතාව දැනටත් මේක ෆේල් කියනවා - විදුර (VIDEO)

ජනතාව දැනටමත් ආණ්ඩුව කෙරෙහි සැලකිය යුතු ලෙස අප්‍රසාදයට පත්ව සිටින බවත් විහිළුකාරයින් කැබිනට් මණ්ඩලයට පත් කරගෙන රටක් ගොඩනැඟීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. 

ප්‍රශ්නය - ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව පත් කළේ. නමුත් කිසිම සහනයක් නෑ. දැන් ඉන්ධන මිලත් වැඩිකරලා. ඔබතුමාලා වගකීම් පැහැර හැරීමක් නේද මේ කරන්නෙ ?

"අපි පිළිගන්නවා මේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් ජනතාවට ලොකු බරක් පැටවෙනවා. මේක හුදෙක් ඉන්ධනවලට විතරක් නෙවෙයි, දැන් හෙට අනිද්දා වෙනකොට අනෙකුත් භාණ්ඩත් ඊට සමානුපාතිකව ඉහළ යයි. එතකොට තවත් බර වැඩිවෙයි. අපි පිළිගන්නවා මේක අමාරු කාලයක් කියලා. ඒ වගේම ඊළඟ අවුරුද්ද මීටත් වැඩිය අමාරු වෙන්නට පුළුවන්. මම මේකට සමාවට කරුණු කියන්නෙත් නෑ, සමාව ඉල්ලන්නෙත් නෑ. ආර්ථික වශයෙන් යම් ආකාරයක දෘෂ්ටියක් වගේම, ඉලක්කසහගත වැඩපිළිවෙලක් නොමැතිවීමේ අඩුපාඩුව තමයි මේ දකින්නෙ" 

ප්‍රශ්නය - අද ඩොලර් හිඟයක් තියෙද්දී ඩොලර් මිලියන ගාණක් චීන පොහොර නැවකට ගෙවීමට කටයුතු කරනවා. ඔබතුමාලා හඬක් නඟන්නෙ නෑ නේද ඒ ගැන ?

"ඒක වැරදියි. පැහැදිලිවම අපි කියනවා ඒක වැරදියි. ඒක රජයවත් මේ රටේ ජනතාවවත් නෙවෙයි ගෙවන්න ඕනෙ, ඕවා ඇනවුම් එවුන් තමයි ගෙවන්න ඕනෙ. තනතුර, තරාතිරම මොකක් වුණත් කමක් නෑ ඒ සියලු දෙනාම මේ වගකීම දරන්න ඕනෙ. මොකද මේවා නිසි ටෙන්ඩර් පටිපාටියකින් සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. කිසිම නීත්‍යානුකූල භාවයක් නෑ. අඩු වශයෙන් ඒ පොහොර ප්‍රමිතියට තියෙනවාද කියලාවත් බැලුවෙ නෑ. ඒ හින්දා ඒවා ඇනවුම් කරපු අයගෙන් මේ සියල්ල අය කරගත යුතුයි"

ප්‍රශ්නය - යුගදනවි ගිවිසුම ගැන ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරුන් උසාවි ගිහින් තියෙනවා ?

"උසාවි ගිය එක හොඳයි. මේවා කැබිනට් මණ්ඩලයට වේවා, ජනතාවට වේවා සාකච්ඡා කළයුතුයි, කතිකාවක් ඇතිවෙන්නට ඕනෙ. මොකද ආර්ථික මර්මස්ථාන විකුණන්න බෑ. විකුණපුවාත් ගන්නවා කියලානෙ ආවෙ. රෑ වැටුණු වලේ කීපවතාවක්ම දවලුත් වැටෙයි, හැබැයි වැටෙන්නෙ රට. 

මේ රටේ මිනිස්සු. මේ රටේ මිනිස්සු අතර දැන් කතාබහට ලක්වෙමින් පවතිනවා ෆේල් කියලා. මේ ෆේල් වෙන්නෙ එක පුද්ගලයෙක් නෙවෙයි, මුළු මහත් රටම ෆේල් වෙනවා. අපි අනාගත පරපුරට දායාද කරන්නෙ ෆේල් වෙච්ච රටක්ද ? අපි මේ රට හදන්න නම් ආවාට ගියාට එක එක්කෙනාට විතරක් කැපකිරීම් කරන්න කියලා වැඩක් නෑ. සියලු දෙනාම කැපකිරීම් කරන්න ඕනෙ. මේ රට නැගිට්ටවන්න අවශ්‍ය කරන සියලු සම්පත් තියෙනවා. ඒ ගැන අවබෝධයක් නැති සමහරු උපදෙස් දෙනවා ඇති නායකත්වයට. මුලින්ම ඒ අය අයින් කරලා වැඩේ පටන් ගන්න ඕනෙ" 

ප්‍රශ්නය - ඒ කියන්නෙ වර්තමාන කැබිනට් මණ්ඩලය ක්‍රියාශීලී කැබිනට් මණ්ඩලයක් නෙවෙයිද ?

"ඔබ හිතන්නෙ ක්‍රියාශීලීයි කියලාද ? රටේ මුළුමහත් ජනතාවටම රජය කෙරෙහි තිබිච්ච විශ්වාසය අඩුවෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නට ඕනෙ. බොරුවට හංගන්න දෙයක් නෑ. ජනාධිපතිතුමාට අගමැතිතුමාට ගිහින් කියනවා ඇති "හරි හොඳයි සර්, මිනිස්සු හරියට හොඳ කියනවා. මේ තෙල් මිල වැඩි කරපු එකත් හොඳයි කියනවා" කියලා කියනවාද දන්නෑ. නමුත් ඇත්ත කතාව, ජනතාව රජය කෙරෙහි අප්‍රසාදයෙන් ඉන්නෙ. හැබැයි මේ අප්‍රසාදය ප්‍රසාදයකට හරවා ගන්න පුළුවන්. විධිමත් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් එක්ක ඉස්සරහට යනවා නම් ජනතාව ඕනෑම වෙලාවක කැපකිරීම් කරයි. හැබැයි සෙල්ලම් කරන්න, විහිළු කරන්න නෙවෙයි. මේ විහිළුකාරයො දාගත්ත කැබිනට් වලින් එහෙම කරන්න බෑ" 

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka