gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබයි.. තවත් පොලිස් නිලධාරීන් 4ක් මරුට ! (Update)

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු විසින් ඊයේ (24) රාත්‍රියේ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම පොලිස් ස්ථානයේම සේවය කළ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 

එමෙන්ම මෙම වෙඩි ප්‍රහාරයෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරියෙකු තුවාල ලබා කල්මුණේ රෝහලට ඇතුළත් කර ඇත. 

එසේ තුවාල ලැබූ සෙසු නිලධාරියාගේ තත්වය ද බරපතළ බැවින් මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකය ඇතුළත් කර ඇති බව සඳහන්. 

වෙඩි ප්‍රහාරය එල්ල කළ පොලිස් නිලධාරියා ගිනි අවි දෙකක් සහ උණ්ඩ ද සමග තිරුක්කෝවිල් පොලිසියට කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී ඇති අතර වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

අවසන් යවත්කාලීන කිරීම (Saturday, 25 December 2021 07:55)
තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී සැරයන්වරයෙක් කල වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් පොලිස් නිලධාරියෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව මියගිය පොලිස් නිලධාරීන් ගණන 4ක් දක්වා ඉහල ගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka