GMOA වර්ජනය මැද සභාපති පාදෙණිය නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භකර තිබූ වැඩවර්ජනය ඊයේ දිනයේ අවසන් කරන ලදී.
ඔවුන් කියා සිටියෙන් නත්තල සහ අලුත් අවුරුද්ද හේතුවෙන් එම වැඩ වර්ජනය අවසන් කළ ද නැවත එළඹෙන වසරේ මුල් සතියේ දී ආරම්භ කිරීමට සාකච්ඡා කරන බවයි.
මේ අතර එම වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙද්දී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෞද්ගලික ප්රතිකාර සේවයේ යෙදී සිට තිබේ.
කොළඹ නවලෝක රෝහලේ රෝගීන් 34 දෙනකු සඳහා ඔහු වේලාවන් වෙන් කර දී ඇත.
නමුත් එම සංගමයේ ලේකම්වරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ වර්ජනය කරන කාල අතරතුරදී පෞද්ගලික ප්රතිකාර සේවයේ නොයෙදෙන ලෙස සාමාජිකයන්ට දැනුවත් කර ඇති බවයි.
GMOA වර්ජනය මැද සභාපති පාදෙණිය නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ..
2021-12-25T07:01:00+05:30
Gossip Lanka Hot News





