gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයාට බොරු කළ බව පාර්ලිමේන්තු කමිටුවේ දී පිලිගනී!

පාරිභෝගික අධිකාරියට නොදන්වා ලීටර 18 ගෑස් ටැංකියේ සංයුතිය තමන් විසින් වෙනස් කළ බව අද (01) පාර්ලිමේන්තුවේ දී රැස් වූ ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධව විමසා බලන විශේෂ අමාත්‍යාංශ කාරක සභාවේ දී  ලිට්‍රෝ සමාගම  පිළිගත්තේය.

එහෙත් කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ අන්තර්ගත ගෑස් සංයුතිය පිළිබඳව  සපුගස්කන්ද රසායනාගාරයේ සිදුකළ  පරීක්ෂා කිරීම්වල රසායනාගාර ප්‍රතිඵල තමන්ට පිළිගත නොහැකි බවත්, එම රසායනාගාරය සඳහා නිසි ප්‍රතීතනයක් නොමැති බවත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේය.

සපුගස්කන්ද රසායානාගාරයේ දී ගෑස් සංයුතිය පිළිබඳ කළ පරීක්ෂාවේ දී තහවුරු වී තිබුණේ  ප්‍රොෆේන් සහ බියුටේන් ප්‍රතිශතය  සියයට 49 -51 ලෙසය.

එහෙත් මේ අවස්ථාවේ දී  කණිජතෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෑස් සමාගම ප්‍රශ්නකරමින් ඇසුවේ වසර ගණනක් විශ්වාසනීය බව තහවුරු කළ රාජ්‍ය ආයතනයක රසායනාගාර වාර්තාවක් පිළිගත නොහැක්කේ කෙසේද කියාය.

අසාමාන්‍ය ලෙස ඉහළ යන ගෑස් අනතුරු සම්බන්ධව විමසීමට මෙම විශේෂ අමාත්‍යාංශ කාරක සභාව පත්වූයේ සභානායක දිනේෂ් ගුණවර්ධනගේ යෝජනාවකට අනුවයි.

මේ අතර රාගම, වලස්මුල්ල, නිට්ටඹුව මල්වත්ත, පානදුර සම්සුදීන් මාවත, හැටන් දිඹුලපතන වුඩ්ලි  වතුයාය, ගාල්ල ඉමදූව ප්‍රදේශවලින් අද උදේ වරුවේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වී තිබිණි. රාගම ප්‍රදේශයේ ගෑස් පිපිරෙන ආකාරය පිළිබඳ සීසීටීවී දර්ශන තරුණයෙක් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබිණි.

-lankasara


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka