gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කවුරු කීවත් IMF යන්නෑ.. මා ඉන්නේ ආතතියෙන්…- මහ බැංකු අධිපති

කවුරු මොන යෝජනා ඉදිරිපත් කළ ද ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ මොහොතේ යාම ලොකු අවදානමක් බවත් රටේ ආර්ථික ප්‍රශ්නය මූල්‍ය අරමුදලට නොගොස් කළමනාකරණය කරගත හැකි බවත් ඔහු පැවසීය.

වෙනස් ආකාරයකට ණය කළමනාකරණය කරගත හොත් ප්‍රශ්නයක් ඇති නොමැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත් වී ණය ලබාගැනීම තේරුමක් නැති වැඩක් බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා මූල්‍ය අරමුදලට ගිය පමණින් මෙරටට ආයෝජකයන් හෝ සංචාරකයන් නොපැමිණෙන බවද කියා සිටියේය.

මේ මොහොතේ මුල්‍ය අරමුදල වෙත ගිය හොත් පොලී අනුපාත වැඩිකිරීම, රුපියල පාවෙන්න ඉඩ දීම, රටේ සම්පත් විකිණීම, වැටුප් කප්පාදුව ආදී කොන්දේසි ඉදිරිපත් කරනු ඇති බවත් ඔහු පැවසීය.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ තමාට ආතතියක් ඇති බවද පැවසූ ඒ මහතා තමන් එම ආතතිය සතුටු සිතින් විඳ දරා ගන්නා බවද කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka