IMF ගියොත් පරම්පරා හතකට හෙණ ගහනවා.. මං වහාම ආණ්ඩුවෙන් යනවා..
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකා රජය ගොස් ණය ලබාගැනීමට කටයුතු කළහොත් තමන් එක මොහොතක් හෝ ආණ්ඩුවේ නොසිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. එම අරමුදලින් ණය ගැනීම පරම්පරා හතකට හෙන ගහන වැඩක් බව ද ඒ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු රටකට කර කියාගත නොහැකි තත්ත්වයකට පත්වුණාම අවසන් වශයෙන් යන තැන බවත් එසේ යන්නේ ඕනෑම රටක් අසරණ වී බවත් එවිට සිදුවන සියල්ල එම අරමුදලේ ප්‍රතිපත්තිය අනුව සිදුවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
සියලුම රාජ්‍ය දේපල පෞද්ගලීකරණය, රටේ සුභසාධන කප්පාදුව, රුපියල පා කිරීම වැනි බරපතළ කොන්දේසි ගණනාවක් ඔවුන් විසින් යෝජනා කරන බව ද ඔහු තව දුරටත් පැවසීය.
IMF ගියොත් පරම්පරා හතකට හෙණ ගහනවා.. මං වහාම ආණ්ඩුවෙන් යනවා..
2021-12-18T12:58:00+05:30
Gossip Lanka Hot News





