gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන පොහොර නැවට මුදල් ගෙව්වාට කිසිම වරදක් වෙන්නෙ නෑ, එකම පාඩුව ප්‍රමාදය විතරයි - මහින්දානන්ද කටින් කියයි (video)

චීන පොහොර නැවට මුදල් ගෙවීමට එකඟ වී ඇති සමථය අනුව ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවත් සිදුව ඇති එකම පාඩුව නියමිත වේලාවට පොහොර නොලැබී යාම පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

"අපි කාටවත් වන්දි ගෙවලා නෑ. මේක වන්දියක් නෙවෙයි. ඒ සමථය තමයි අපට ඇමරිකානු ඩොලර් මිලියන 5ක ඇපකරයක් තියලා තියෙනවා, ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් අපි ගෙවනවා, එතකොට නැව ආපහු චීනෙට යනවා, අපි ඉල්ලන ප්‍රමිතියට පොහොර ටික හදලා, අපේ නිරෝධායනයට එවලා සාම්පල් පරීක්ෂා කරලා, ඒ පොහොර නැව ආපහු ලංකාවට එනවා. 

ඉතිං එතකොට කිසිදු වරදක් වෙලා නෑ. එකම දේ වෙලා තියෙන්නෙ නියමිත වෙලාවට පොහොර නොලැබීම විතරයි අපට වෙලා තියෙන එකම පාඩුව. ඒ හැරෙන්න මූල්‍යමය වශයෙන් කිසිම කෙනෙකුට මුදල් ගෙවලා මේකෙ වන්දියක්වත් වංචාවක්වත් කිසිම දෙයක් වෙලා නෑ"  

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka