gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය සහන පැකේජයට පෙර ත්‍රිමලේ තෙල් ටැංකි ඉල්ලයි!

ලබන ජනවාරියේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත මූල්‍ය ආධාර පැකේජය නිවේදනය කිරීමට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යෝජිත ඒකාබද්ධ වැඩපිළිවෙළට අදාළව ශ්‍රී ලංකාව නිල නිවේදනයක් නිකුත් කළ යුතුව ඇතැයි වාර්තා වේ.

මෙම තෙල් ටැංකිවල ඉන්දීය තෙල් ගබඩා කොට ඉන් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා මත තෙල් සැපයුමටද යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි පැවසේ.

මෙම ක්‍රමය අනුගමනය කළහොත් දැනට වඩා අඩු මිලට මෙරටට ඉන්ධන ලබාගත හැකි වෙතැයි ද අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය එකඟ වී ඇත්තේ ලබන ජනවාරියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1900ක පමණ පැකේජයක් සම්බන්ධයෙනි.

එය සමන්විත වන්නේ ඩොලර් මිලියන 1000ක් ආහාර සහ ඖෂධ ලබාගැනීමටත් ඉන්ධන මිලදී ගැනිමට ඩොලර් මිලියන 500ක් සහ විදේශ සංචිත තර කර ගැනීමට තවත් ඩොලර් මිලියන 400ක් වශයෙනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka