ඩොලර් ඇත්තේ සති දෙකකටයි.. IMF යනවාද නැද්ද.. තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය කැදවයි..
රට තුළ ඇති වී තිබෙන උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම හෝ නොයාම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මීළඟ කැබිනට් මණ්ඩලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
කැබිනට් මණ්ඩලය ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පැවැත්වීමට තීරණය වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් වී ඇති අතර පිරිසක් අදහස් දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මගින් විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවයි.
නමුත් අනෙක් පිරිස පෙන්වා දෙන්නේ ඩොලර් හිගයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බවයි.
ඒ අනුව මෙම කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
මෙම හමුව සඳහා මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැඳවා තිබේ.
දැනට රට තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් වශයෙන් වියදම් කිරීමට හැකියාව ඇත්තේ ඩොලර් මිලියන 1100ක් පමණ වන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට සති දෙකක පමණ ආනයන වියදම් වෙනුවෙන් පමණි.
ඩොලර් ඇත්තේ සති දෙකකටයි.. IMF යනවාද නැද්ද.. තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය කැදවයි..
2021-12-11T16:06:00+05:30
Gossip Lanka Hot News





