ටික දවසකින් ආණ්ඩුව පුපුරාවි.. මේ ගමන ගැන කණගාටුයි..- විදුර
ආණ්ඩුව කටයුතු කරන ආකාරය දෙස බැලූ විට ටික දවසකින් ආණ්ඩුවත් පුපුරනු ඇතැයි සැකයක් ඇති වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
ආණ්ඩුව යන ගමන පිළිබඳව අවංකවම කණගාටුවක් ඇති ව තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා මේ යන විදියට අලුත් පිරිසකට බලය ලැබෙනු ඇතැයි හැඟෙන බව ද පැවසීය.
ජනතාව 2019දී පරිවර්තනයක් සිදු කළේ මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන්දැයි ප්‍රශ්නය මතුව තිබෙන බව ද ඔහු කියා සිටියේය.
කොළඹ පැවති උත්සවයයකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ටික දවසකින් ආණ්ඩුව පුපුරාවි.. මේ ගමන ගැන කණගාටුයි..- විදුර
2021-12-11T16:08:00+05:30
Gossip Lanka Hot News





