gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ටයි දාන හැමෝම වියත්මග නොවේ.. වියත්මගට දුන්නනම් මෙහෙම වෙන්නෑ.. කැබිනට්ටුවේ වියත්මග කවුරුත් නෑ…

ටයි කෝට් දාගෙන ඉන්න හැමෝම වියත්මග සාමාජිකයන් නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි. එනිසා ටයි කෝට් දාගෙන ඉන්න හැමෝම වියත් මග යයි නොකියන්නැයිද ඔහු ඉල්ලා සිටී.

දොම්පෙ ප‍්‍රදේශයේ පැවති වැඩසටහනක දී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘දැං හැමදේටම කියනවා වියත්මග කියලා. පහුගිය කාලයේ කවුරුහරි මෙනවා හරි ප්‍රශ්නයක් ඇතිකර ගත්තොත් ඒකට වියත්මග කියනවා. ටයි එකක් දාගෙන ඉන්න හැමෝම වියත්මග. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මොනවා හරි වරදක් කළොත් ඒකට වියත්මග කියනවා.

පාර්ලිමේන්තුවේ කී දෙනාද ඉන්නේ වියත්මගේ. වියත්මගෙන් නොමිනේෂන් හම්බුනේ 9 දෙනෙකුට විතරයි. පාර්ලිමේන්තුවේ ආසන 225කට අපිට නොමිනේෂන් දෙනකොට වියත්මගට දුන්නේ 9යි. ඉතුරුවා දුන්නේ නෑ. ඒක තමයි ඇත්ත කථාව. ඒ නවයෙන් අටක් දින්නා. එක්කෙනෙක් මම. නොමිනේෂන් 50 කට විතර දුන්නා නම් 45ක් විතර දිනනවා. දුන්නේ නෑනෙ. දුන්නේ 9ක් විතරයි. ඒකෙන් 8ක් දින්නා ඒ අට දෙනා පාර්ලිමේන්තුවට ආවා එක්කෙනෙක් වත් කැබිනට් එකේ නෑ. රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. එච්චරයි. වියත්මග කියලා තියෙන්නේ. සමහර විට වියත්මගට දුන්නා නම් ඔයිට වඩා වෙනසක් වෙන්න තිබුණා. දුන්නේ නෑ. ඒක තමයි යථාර්ථය.

ඊළඟට සභාපතිවරු, සංස්ථා සභාපතිවරු, ඔක්කෝම වියත්මගේ වගේ කථාකරන්නේ. සංස්ථා සභාපතිවරු ඉන්නවා දෙසීයක් මේ රටේ. ඒ දෙසීයෙන් වියත්මගේ හිටියේ 25යි. අටෙන් එකයි. ඒ විසිපහෙනුත් දැන් පහක් විතර අස්වෙලා. මොනවා හරි රාජ්‍ය ආයතනයක වරදක් වුණාම කවුරුහරි වරදක් කළාම ඒ අය වියත්මගේ කියලා කියන එක හරිද ?’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka