gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බඩු මිල අහසේ! අවුරුදු 10කට පසු වැඩිම උද්ධමනය වාර්තා ‌කරයි! දැන් දහය පනින්න ඔන්න මෙන්න!

2021 නොවැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ඉහළ ගොස් ඇත. රොයිටර්ස් මාධ්‍ය වාර්තාවක සඳහන් වන්නේ මෙය 2012 ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටම බවයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට නොවැම්බර්  මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියේය.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මෙහිදී, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 12.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 17.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka