ඊළඟ ජන්දෙට මම එනවා! දුමින්දගෙන් කොළඹදී ප්‍රසිද්ධ ප්‍රකාශයක්! (VIDEO)
තමන් ඊළඟ මැතිවරණයේදී ජනතාව ඉදිරියට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වත්මන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පැවැසීය. කවුරුන් කොහේ ගියද තමන් පක්ෂය දමා නොයන බවද බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ හැදුවේ බොහෝ වෙහෙස මහන්සියෙන් බවද ඔහු සදහන් කලේය.
නාරාහෙන්පිටදී පැවති උත්සවයකින් අනතුරු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
“අපේ පක්ෂය හදන්න මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා කොච්චර කැපවුනා ද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහේ ගියත් අපි ඉන්නවා. අපි යන්නෙ නෑ.
ඔයගොල්ල දන්නවා මං වැඩ කරන විදිහ. මම වැඩකරනකොට පක්ෂ පාට භේද බලන්නෙ නෑ.
ගිය ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පලි අරන් මුලින්ම පලි ගත්තෙ මගෙන්. ආයෙ කියන්න දෙයක් නෑ නෙ. මම තමුන්නාසෙල එක්ක ඉන්නවා. එන මැතිවරණයේ දි මම තමුන්නාසෙල ලඟට එනවා. මම ඡන්දෙ ඉල්ලයි ද නැද්ද කියලා දන්නෙ නෑ.
මම මේ සභාපතිකම ගත්තෙ කොමිස් ගහන්න නෙමෙයි. රට ගොඩනගන්න.
අපි මේ රටේ තියන තත්වයෙන් ගොඩ එන්න ඕන. මොකද මේ රට යූඑන්පී එකට දෙන්න ද ආයෙ. එහෙම කරන්න බෑ
ඊළඟ ජන්දෙට මම එනවා! දුමින්දගෙන් කොළඹදී ප්‍රසිද්ධ ප්‍රකාශයක්! (VIDEO)
2021-12-19T12:43:00+05:30
Gossip Lanka Hot News





