හමුදා පාලනයකින් කිසි රටක් දියුණු වී නෑ.. සොල්දාදුවන් මුල්කරගෙන රටකට දියුණු වෙන්න බෑ..- දයා රත්නායක
හමුදා පාලනයක් කරන රටවල් ලොව කිසි තැනක දියුණු වී නැතැයි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.
සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු නොවන බවද ඒ මහතා කියා සිටියි.
රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන් විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් වුවහොත් එවන් සමාජයකට දියුණුවක් නැති බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
හමුදා පාලනයකින් කිසි රටක් දියුණු වී නෑ.. සොල්දාදුවන් මුල්කරගෙන රටකට දියුණු වෙන්න බෑ..- දයා රත්නායක
2021-12-10T12:04:00+05:30
Gossip Lanka Hot News




