gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සුරේෂ් සලේ කුරාණයක් කියවලාවත් නෑ, සිංහල බෞද්ධ කාන්තාවක් බැඳලා ඉන්නෙ - කමල් ගුණරත්න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට විපක්ෂ කණ්ඩායම් විසින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු කිසිදු ආකාරයකින් දැඩිමතධාරියෙකු නොවන බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

 "ඔය නිලධාරියාගේ නම සුරේෂ් සලේ. සුරේෂ් සලේගේ මම දන්නවා "සලේ" කියන කෑල්ල විතරයි මුස්ලිම් කියලා මේවා එකක් තියෙන්නෙ. ඒ මනුස්සයා මම දන්න තරමින් ඔය කිසිම ඔයවගේ දේවල්වලට සම්බන්ධ නෑ. දෙමළ වචනයක්වත් කතා කරන්නත් බෑ. අරාබි වචනයක්වත් කතා කරන්නත් බෑ. කුරාණ් එකක් කියවලාත් නෑ. සිංහල බෞද්ධ කාන්තාවක් බැඳලා ඉන්නෙ. දරුවො මට මතක විදියට දෙන්නෙක් ඉන්නවා, දෙන්නටම සිංහල නම් තියෙන්නෙ. එතුමාගේ මේ කිසිම දැඩිමතධාරී තත්වයක් නෑ. එතුමා මේ මව්බිමට, රටට, ජාතියට තමන්ගෙ ජීවිතය පරදුවට තියලා වැඩකරපු ඉතාමත්ම වටිනා ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක්" 

කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka