gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඥානක්කාගේ පූජාවට ගිය හමුදා ලොක්කාගේ බැකප්එක අයෙක් යටකරලා

බොහෝදෙනෙකු "ඥානක්කා" ලෙස හඳුන්වනු ලබන ප්‍රසිද්ද දෛවඥයෙකුගේ දේවාලයේ පැවැති පූජාවක් සඳහා ගමන් ගනිමින් සිටි හමුදා ප්‍රබලයකුට ආරක්ෂාව සැපයූ පසුගමන් රථයකට යටවී යතුරුපැදිකරුවකු මියාමේ පුවතක් මින්නේරිය පොලිස් වසමෙන් වාර්තා වේ.

ඉකුත් සෙනසුරාදා (04) මේ අනතුර සිදුව ඇති අතර, යතුරුපැදිකරු සිද්ධිය වූ ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

"ඥානක්කා"ගේ දේවාලයේ සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රී 7.00ට මෙම විශේෂ පූජාව පැවැත්වෙන බවත් පැවසේ.

හමුදා ප්‍රධානියා වැලිකන්ද ආසන්නයේ බණ ගෙදරකට ගොස්එමින් සිටියදී මේ අනතුර සිදුව තිබේ.

පසුගමන් රථය හා රියදුරා අනතුර වූ ස්ථානයේ තබා හමුදා ප්‍රධානියා අදාළ පූජාවට සහභාගිවී ඇතැයි ද මේ අතර වාර්තා වේ.
-srilankamirror
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka