gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ගැටුම් මැද බැසිල් මැද මාවතකට.. ගෝලයෝ අනාථයි

ආණ්ඩුවට සහාය දෙන හවුල්කාර පක්ෂවල නියෝජිතයින්ගෙන් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පමණක් රැස්කර පෙරේදා (04) අරලියගහ මන්දිරයේදී බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම හමුවේදී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා විනාඩි හතලිහක පමණ කතාවක් සිදු කර ඇති අතර එහිදී අවධාරණය කර ඇත්තේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවල සහාය තවදුරටත් අවශ්‍ය බවත් පොහොට්ටුවේ නොවන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශ කිරීමේදී ප්‍රවේසම් සහගත වන ලෙසයි.

මේ දක්වා බැසිල්වාදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව අනෙකුත් පක්ෂවලට දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ රැඳී සිටිය නොහැකි නම් ඉවත් වී යන ලෙසද එම පෙරමුණේ මහාලේකම් සාගර කාරියවසම් ඇතුළු මැති ඇමතිවරුන් ගණනාවක්ම විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබිණි. නමුත් බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ මෙම හමුවෙන් පසුව වෙනම ස්ථාවරයකට ඔවුන් සියලුදෙනාටම යාමට සිදුවී තිබිණි.

මේ දිනවල පැවැත්වෙන අයවැය විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් කරුණු දක්වා තිබිණි. මෙම තත්වය හමුවේ අයවැය විවාදයේදී පවා ආණ්ඩුවේ බෙදීම් උත්සන්න වී ප්‍රකාශ වූ අතර එය වළක්වා ගැනීමට බැසිල් රාජපක්ෂ මෙලෙස මැදිහත්වී ඇත.
-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka