gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේ ජනතාව විපතට හෙළලා අගමැති නෝනත් එක්ක තිරුපති වඳින්න යනවා – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ගෑස්, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමා ජනතාව විපතට පත්කර අගමැතිවරයා නෝනත් එක්ක ආරක්ෂාවට තිරුපති වඳින්න ගොස් ඇතැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඉහළ දැමූ ඉන්ධන මිල පහත දමා ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසට ආණ්ඩුවට බලකරමින් ඊයේ (23) දිනයේ රටපුරා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් විරෝධතා මාලාවක් පැවති අතර මහරගම නගරයේ පැවැති විරෝධතාවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා… ” අපේ රටේ පොදු ජනතාව එදාවේල කන්න බැරිව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. බඩු මිල වැඩි වෙලා, එළවළු රත්‍රං වගේ ගණන් ගිහිල්ලා තියෙනවා. ගෑස් ගෙදර තියාගන්න බෑ ඒක පුපුරනවා. ගෑස් මිල වැඩිකරා. මේ ඔක්කොම අස්සේ ජනතාව මත බර පටවන්න මහරෑ ඉන්ධන මිල වැඩි කරනවා. අපි අහනවා ආණ්ඩුවෙන් තෙල් මිල වැඩි කර හේතුව රටට කියන්න කියලා. ලෝක වෙළඳපොලේ තෙල්මිල අඩුවෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕන. තෙල් මිල වැඩිකරපු ගමන් හැම දේකම මිල වැඩි වෙනවා. ජීවත් වෙන්න බැරිව ඉන්න ජනතාවට හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ මේ ආණ්ඩුවත් ජනතාවට ගොනා වගේ අනින්න පටන් අරගෙන. රටපුරාම අද ජනතා විමුක්ති පෙරමුණ පාරට බැහැල කෑගහලා කියන්නේ මේ රටේ ජනතාවට දැන් මේක ඉවසුවා ඇති මේ ආණ්ඩුව පළවා හරන්න ඔබේ හඬ අවදි කරන්න කියලා. අද මේ ආණ්ඩුවේ ඇමතිවරු පම්පෝරි ගහන කයිවාරු ගහන ඇමතිවරු වෙලා. ජනතාවට පීඩාවට විපතට පත්කරලා අගමැතිතුමා තිරුපති වඳින්න යනවා නොනත් එක්ක. අපේ රටේ ජනතාව බහුතරයක් ගෝටාබයට ඡන්දේ දීලා ගෙනාවේ දැඩි පාලනයක් හදන්න. අද මොකද වෙලා තියෙන්නේ අපේ රටේ පාලනයක් නෑ. මේ රටේ කිසිම දෙයක් ආණ්ඩුව පාලනය කරන්නේ නෑ. ආණ්ඩුව කරන එකම දේ මොකක්ද මිනිස්සු මත බර පටවන එකයි. මිනිස්සු හූරා කන එකයි විතරයි.” යනුවෙන් පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka