gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයාසිරිට ඇතුළෙන්ම ෂොට් එකක්! පහර දුන්නේ ලසන්ත!

ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතව කටයුතු කළ හැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය එතුමාගේ පෞද්ගලික අදහසක් මිස පක්‍ෂයේ මතය නොවේ යැයි එම පක්‍ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සෑම තීන්දුවක්ම ගන්නේ පක්‍ෂ නායකත්වය, මධ්‍යම කාරක සභාව ඇතුළු සියල්ලන් එක්ව බවත්, ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතවීමක් සම්බන්ධයෙන් මේ වන තුරු සාකච්ඡා කර නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ මොහොතේ පක්‍ෂය වැඩි අවධානයක් දී ඇත්තේ ජනතාවට පවතින ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සම්බන්ධයෙන් බව කී අලගියවන්න මහතා මෙය සන්ධානගතවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදුසු වේලාවක් නොවන බව ද කීවේය.

ලසන්ත අලගියවන්න මේ බව පැවසුවේ ගම්පහ, අත්තනගල්ලේදී අද (26) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka