ඔක්කොම බලන් ඉන්න බැසිල් ලබන සතියේ එනවා! ආ ගමන්ම පෙරළි රැසක්!
මේ වනවිට අමෙරිකාව බලා ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ලංකාවට පැමිණීමට නියමිත බව තහවුරු වී ඇත. ඒ අනුව ලංකාවට ආ විගසම ආණ්ඩුව ඇතුළේ බරපතළ වෙනස්කම් රැසක් සිදුකිරීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
මීට සති දෙකකට ඉහතදී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගිය අතර ආණ්ඩුව ඇතුළේ හටගත් අර්බූදයකින් පසු එසේ ඒ මහතා පිටත්ව ගිය බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.
එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පිටත්ව යාමට පෙර ආණ්ඩුව ඇතුළේ සිදුවිය යුතු වනස්කම් පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කොට ඇති බවද එම මාධ්‍ය වාර්තා තහවුරු කොට තිබිණ.
ඔක්කොම බලන් ඉන්න බැසිල් ලබන සතියේ එනවා! ආ ගමන්ම පෙරළි රැසක්!
2021-12-27T02:31:00+05:30
Gossip Lanka Hot News




