gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාෆි යලි සේවයේ පිහිටෙව්වේ ද? නා ගත්තේ කවුද?

කුරුණෑගල වඳ සැත්කම් සිද්ධියට සම්බන්ධ මොහොමඩ් සාෆි වෛද්‍යවරයා ගැන යලි සමාජයේ කතා බහක් ඇති වී ඇත. ඊට හේතු වූයේ ඔහු නැවත සේවයේ පිහිටුවා හිඟ වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා තීරණය කර ඇති බව මාධ්‍ය පළ කිරීමයි.

 කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රකට මාධ්‍යයකට සම්බන්ධව සේවය කරන අයකුගේ නොසැලකිල්ල සහ නොදැනුවත්කම නිසා නිර්මාණය වූ පුවතක් බව දැන් අනාවරණය වී ඇත. ඒ ගැන කරුණු විමසීමකින් තොරව අදහස් දැක්වූ බොහෝ දෙනා මේ නිසා දැන් අපහසුතාවට පත් වී ඇත.

2019 වසරේ සාෆිගේ සිද්ධිය අනාවරණය වීමත් සමඟ සෞඛ්‍යය අමාත්‍යාංශය කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවා කොමිසම ඔහු අනිවාර්යය නිවාඩු යවන ලදි. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවක සිදු කරන්නේ මූලික විමර්ශනයක් සිදුකර ඒ මත පදනම්ව ඉදිරි පියවර ගැනීමයි. ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහල සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කළේය. ඒ වාර්තාව අනුව සාෆි ඔහුට එල්ල වූ චෝදනා බොහොමයකට වැරදිකරු බව සනාථ වී ඇත. කෙසේ නමුත් එවකට පැවති රජයේ බලපෑමෙන් එම මූලික විමර්ශන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රාජ්‍ය සේවා කොමිසමට යොමු කර නැත. එසේ යොමු කලේ නම් අනිවාර්ය නිවාඩු යවා සිටි සාෆි වෛද්‍යවරයා ගේ වැඩ තහනම් වේ. මෙම රජය බලයට පත්වීමෙන් පසුද කිහිප වතාවක් මෙම මූලික විමර්ශන වාර්තාව ලබා දෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂම සෞඛ්‍ය අමාත්‍යංශයට දන්නවා ඇති නමුත් සෞඛ්‍ය ලේකම්වරයාගේ නොසැලකිල්ල නිසා එම වාර්තාව යවා නැත. එම වාර්තාව නොයැවීම පිටුපස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාෆිට හිතවත් මුස්ලිම් ජාතික අතිරේක ලේකම්වරයෙක් සිටින බවට ද කථා පැතිර යයි .

සාෆි වෛද්‍යවරයා ද කිහිප වතාවක් රාජ්‍ය සේවා කොමිසමට තමා යළි සේවයේ පිහිටුවා වැටුප් ගෙවන ලෙස ඉල්ලීම් කර ඇත. අවසානයේ රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය ලේකම්වරයාට දන්වා ඇත්තේ මෙසේ විමර්ශන කටයුතු සිදු නොකරන්නේ නම් අනිවාර්ය නිවාඩු යවා ඇති සාෆි සහබ්ඩීන් ගේ වැටුප් ගෙවීමට කටයුතු යොදන ලෙසයි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දී මුල් ඉල්ලීම සිදු කළ පුද්ගලයාගේ ඒ ලිපියේ තිබූ මාතෘකාව දිගටම රැගෙන යාම සිදු කරයි. සාෆි වෛද්‍යවරයා රාජ්‍ය සේවා කොමිසමට ඒවා ඇති ලිපියේ ඇත්තේ තමන් “යළි සේවයේ පිහිටුවා වැටුප් ගෙවීමට” කටයුතු කරන ලෙසයි. රාජ්‍ය සේවා කොමිෂම සෞඛ්‍ය අමාත්‍යාංශයට යැවූ ලිපියේ ද ඒ උදෘතය යොදාගෙන ඊට අදාල තත්ත්වය පිළිබඳ විමසීමක් සිදු කර ඇත. සෞඛ්‍ය ලේකම්වරයා ඒ උදෘතයම පාවිච්චි කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට දන්වා ඇත්තේ අනිවාර්ය නිවාඩු යවා ඇති ඇති සාෆි ගේ වැටුප් ගෙවන ලෙසයි. අනිවාර්ය නිවාඩු යැවූ රජයේ සේවකයෙක් වැටුප් ලැබීමට සුදුසුකම් ලබයි. සැබැවින්ම මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා කළ යුතුව තිබුණේ සාෆිගේ මූලික විමර්ශන වාර්තාව රාජ්‍ය සේවා කොම්ෂන් සභාවට ලැබීමට සැලැස්වීමයි. කෙසේ නමුත් සාෆි යළි සේවයේ පිහිටුවීම හෝ ගැන කිසිදු නිර්දේශයක් රාජ්‍ය සේවා කොමිෂම හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී නැත. සෞඛ්‍ය ලේකම් යැවූ ලිපියේද එවැන්නක් සටහන්ව නැත.

සෞඛ්‍ය ලේකම්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවු මෙම ලිපිය යම් පුද්ගලයකුගේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකට මුද්‍රිත මාධ්‍යයක තරුණ මාධ්‍යවේදියෙකුට ලැබී ඇත. ඔහු මේ ගැන වැඩිදුර විමසන්නේ නැතිව මාතෘකාව දුටු සැනින් සාෆි සහබ්දීන් වෛද්‍යවරයා “යළි සේවයේ පිහිටුවා වැටුප් ගෙවන ලෙස” තීරණය ගෙන ඇතැයි පුවතක් පළ කළේය. ඒ දුටු අනෙකුත් මාධ්‍ය ද එම පුවතම සොයා බැලීමකින් තොරව තමන්ගේ වෙබ් අඩවිවල පළ කෙළේය. එය එදින සවස රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්තිවලද විකාශය විය. පසුදින සෙසු පුවත්පත් ද එම රූපවාහිනී පුවත්, වෙබ් අඩවි පදනම් කරගෙන සහ සාෆි සහබ්ඩීන් යළි සේවයේ පිහිටුවා ඇති බවට තමන් ගේ පළමු පිටුවලම පුවත් පළ කළේය. කෙසේ නමුත් රාජ්‍ය සේවයේ මුල් ඉල්ලුම්කරු විසින් යොදාගත් මාතෘකාව උදෘත කොටගෙන ලිපි යැවීම සාමාන්‍ය සිද්ධියකි. මෙය තේරුම් ගත නොහැකි වූ මාධ්‍යවේදියා සිදු කළ වරදින් බොහෝ දෙනා නොමඟ ගියේය. යුගදනව් ගිවිසුම, ගෑස් පිපිරීම්, පොහොර සිද්ධිය මගින් රත් ව තිබූ සමාජයට සාෆිගේ සිද්ධියද වැටීමෙන් බොහෝ දෙනා ඒ පිළිබඳ සෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිලි ගත්තේය.

වඩාත් හාස්‍ය ජනක සිද්ධි වූයේ එය නොවේ. මහා විචාරකයන්, සමාජ සාධාරණවාදීන් ලෙස පෙනී සිටින ඇතැම් දේශපාලන පක්ෂ පක්ෂවල නියෝජිතයන් ද, මුහුනුපොතේ වීරයන්ද, සමාජ මාධ්‍ය විද්වතුන් ලෙස පෙනී සිටින අයද අවිචාරවත් ලෙස මෙය පිලි ගැනීමයි. සාෆි සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය අවසන් වී නැත. කුරුණෑගල රෝහල මඟින් සිදුකළ මූලික විමර්ශණයෙන් ශාපි වැරදිකරුවා බව බව තහවුරු වී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ වන විටත් සාෆි සිදුකළ වැරදි දෙකකට දඬුවම් ද ලබා දී ඇත. රාජ්‍ය සේවා කොමිෂම දඬුවම් ලබා දෙන්නේ රාජ්‍ය සේවයට අදාළ ව ඔහු සිදුකළ සිදු කළ වැරැදිවලටයි. සාෆි යළි සේවයේ පිහිටුවීමක් සිදුව නැත. සෞඛ්‍ය ලේකම්වරයාගේ නොසැලකිල්ල නිසා ඔහුට වැටුප් ගෙවන ලෙස දැනුම්දීමක් කර ඇත. දැන් කළ යුත්තේ එම වරද නිවරද කිරීමයි.

කෙසේ නමුත් මේ කිසිවක් ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමාගේ පූර්ව නිගමන මත පිහිටා සිංහල බෞද්ධ විරෝධීන් බල කාමයෙන් උමතු වී පසුගිය දින දෙකේ සමාජ මාධ්‍යවල පිස්සු නැටුහ. සිංහල බෞද්ධ මුව හමට තඩි බෑහ. එක් වෛද්‍යවරයෙකු කියා තිබුණේ මුළු ජාතියම සාෆිගෙන් සමාව ගත යුතු බවයි. සාෆිට උපහාර දැක්විය යුතු බවට ද වන්දි ගෙවිය යුතු බවට ද ඇතැම්හු මත පළකර තිබිණි. සාෆි වෙනුවෙන් ඇතැම්හු කවි ද ලියූහ. ඒ සියලු දෙනා ගැන විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කල යුතු අතර මේ අයට රාජ්‍ය බලයක් ලබා නොදිය යුත්තේ ඇයිදැයි දැන් ඕනෑවටත් වැඩ සනාථ කර ඇත.

සිංහල මාධ්‍යයෙන් පළවන සමාජ මාධ්‍ය බොහොමයක් අද පාලනය කරන්නේ මුස්ලිම් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ය. මීට පෙර විදේශ මාධ්‍යයක සේවය කළ, දැන් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ජාලයක කතුවරයා ලෙස කටයුතු කරන මුස්ලිම් ජාතිකයකු, බෞද්ධයන්ගේ මහත් ගෞරවයට ලක් වූ නාථ මෛත්‍රී බෝධිසත්වයන්වහන්සේට බලවත් අගෞරව කර තිබිණි. පාකිස්ථානයේ සියල්කොට්හි වැනි තත්ත්වයක් ලංකාවේ උද්ගත නොවීම ගැන ඔහු මේ උදුවප් පොහෝ දින බෞද්ධයන්ට පිං පැමිණ විය යුතුය.

– සෙනරත් උඩගෙදර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka