gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෑස් පිපිරීම්වලට විසඳුමක් දෙන්න - සිලින්ඩරය ගිනි ගත්තොත්?

අද රට තුළ උද්ගත වී තිබෙන ගෑස් සංයුතියේ පවතින අර්බුදකාරී තත්ත්වයට ආණ්ඩුව මෙතෙක් නිසි පියවරක් ගෙන නැති අතර ඒ හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව දැඩි අනතුරකට ලක්වී ඇති බව එයට කඩිනම් විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයැයි ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස් මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මල්වාන වල්ගම ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට ගෑස් සංයුතිය වෙනස් වූ නිසා ගෑස් පිපිරී යෑමට පටන් ගෙන ඇති අතර මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ගුණාත්මකභාවය ගැන ගෘහණියන් පමණක් නොව සැමදෙනාම කතා කරන බවද ඒ හේතුවේ මේ සම්බන්ධව ආණ්ඩුව වහාම මැදිහත් වී කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කළ යුතු බව ඒ මහතා පවසයි.

එහිදී තවදුරටත් කතා කළ රංජිත් පීරිස් මහතා මෙසේද කීය.

"මේ වන විට ගෑස් සංයුතිය වෙනස් වූ නිසා ගෑස් පිපිරී යෑමට පටන් ගෙන තිබෙනවා. මෙය ආණ්ඩුවද පිළිගෙන තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු නොවූ මොහොතකයි මේ ගෑස් ප්‍රශ්නය මතු වුණේ. දැන් ගෘහස්ථ ගෘස් සිලින්ඩරවල ගුණාත්මකභාවය ගැන ගෘහණියන් පමණක් නොව අප සෑමදෙනාම කතා කරනවා. ඒ නිසා මේ සම්බන්ධව ආණ්ඩුව වහාම මැදිහත් වී එයට කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කළ යුතුයි.මේ වන විට ගෑස් ප්‍රශ්නය මත පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවකට පත්වී සිටිනවා. මේ ප්‍රශ්නය නිකම්ම පැනනැඟුණු එකක් නෙවෙයි. එයට ආණ්ඩුව වගාකියන්න ඕනෑ. නමුත් මේ සම්බන්ධව ඇතැමුන් ඇතැම් ආයතන හා නිලධාරීන් මත වරද පටවා ඇඟ බේරා ගන්නට උත්සාහ කරනවා. දැන් මේ ගැන අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් පලක් වන්නේ නැහැ. ගෑස්වල තිබිය යුතු සංයුතිය හා ප්‍රමිතිය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්න ඕනෑ. ඒ සඳහා අදාළ ආයතන මෙන්ම නිලධාරීන් දැනුවත් කළ යුතුයි.

මේ දිනවල දිවයින පුරා ගෑස් පිපිරීමේ සිද්ධීන් වාර්තා වෙනවා. අපට දකින්නට ද ලැබෙනවා. මේ සිද්ධීන්වලින් ගෑස් ළිප්, සිලින්ඩර හා දේපළවලට දැඩි හානි පැමිණ තිබෙනවා. ඒ වගේම පුද්ගලයන්ටද තුවාල සිදු වී තිබෙනවා. මරණයක් සිදු වී තිබෙනවා. නමුත් මේ ගැන තවම ආණ්ඩුව සොයා බලා නැහැ. සිදු වූ අලාභ ගැන තක්සේරු කරලා නැහැ. ඒ හේතුවෙන් එම සිද්ධීන්වලට මුහුණ පෑ උදවිය කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්වී සිටිනවා. ඒ නිසා ඔවුන්ට සාධාරණ වන්දි මුදලක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නට ඕනෑ.ඉතින් මේ ගෑස් ප්‍රශ්නය මත මේ වන විටත් ආණ්ඩුව ජනතාව අතර බලවත් අප්‍රසාදයට ලක් වෙලා. ඒ නිසා මේ ගැන දැඩි අවධානයක් යොමු කොට කඩිනම් පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම හා වගකීම වෙනවා."

දින 44ට ගෑස් සිද්ධි 727ක්

දින 44 ක් තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 727 ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් මස 1 වැනිදා සිට අද (15) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මෙම සිද්ධීන් වාර්තා වී ඇති බවත් අද පෙරවරු 6.00 අවසන් වූ පැය 24 තුළ පමණක් ගෑස් සම්බන්ධ සිද්ධීන් 24 ක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ දන්නවා ද?

ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය.

නොවැම්බර් 20 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ අවන්හලක ඇතිවූ පිපිරුම ගෑස් කාන්දුවක් නිසා සිදුවූයේයැ යි රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. මේ සමගම "ගෑස් භීතිකාවක්" සමාජ මාධ්‍යයන් තුළ හිස ඔසවනු දක්නට ලැබුණි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂවරයා නොවැම්බර් 24 වනදා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ එල්පී ගෑස් සිලින්ඩර පුපුරනබවට සමාජ මාධ්‍යයන්හි පැතිරෙන කතාව අසත්‍යයක් බවයි.

එනමුත්, ගෑස් පිපිරීම්වලට හේතුව නම් කිසිදු දැනුම්දීමකින් තොරව ගෘහස්ත සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනස් කිරීමබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

පසුගිය දා කොළඹ අවන්හලක ගින්න ඇතිවූයේ ද්‍රව පෙට්‍රෝලියම් වායුව අවන්හල තුළ කාන්දු වී, එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවැති විදුලි උපකරණයක් මඟින් පුළිඟුවක් නිකුත්වීමෙන් එම වායුව ජ්වලනය වූ නිසායැ යි රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව මෙම ප්‍රකාශයේ සඳහන් විය.

ගින්නක් නැතුව ගෑස් ලීක් වුණොත්?

ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුව භයානක තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඉතා බරපතලබව ඔබ දත යුතු ය.

"ගින්නක් ඇතිවෙන්න අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි කියනවා 'ෆයර් ට්‍රයෑන්ගල්' (ගිනි ත්‍රිකෝණය) කියලා ඕකට. ඔක්සිජන් ඕනේ, ඉන්ධනයක් ඕනේ, පුළිඟුවක් ඕනේ... එතකොට මේ ගෑස් ලීක් වෙලා තිබ්බොතින් එහෙම, ගෙයි ඔක්සිජන් තියෙනවා, ගෙයි ගෑස් පිරිලා තියෙනවා, ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අපෙන් අඩුවෙන්නේ ස්පාක් එකක් විතරයි. මේක අපි කරගන්නවාම යි අපි දැනුවත් නැත්නම්," ගිනි නිවීමේ නිලධාරී මධුසිරි කියයි.

ඔහු පවසන පරිදි, ගෑස් ගන්ධයක් දැනුණු විට පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි:

ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය. ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ.

ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් "ඕන්" කිරීමෙන් හෝ "ඕෆ්" කිරීමෙන් වැළකිය යුතුය.

නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතුය.

කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතුය.

ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතුය.

දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතුය.‍‍

ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්නා, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීමයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka