ඩීල් නෑ! රනිල්ලා නෑ! ඊළඟට එන්නේ සජබ ආණ්ඩුවක්! නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා! වැරදි කරපු සියලු දෙනාම උසාවියට ගෙනියනවා! (VIDEO)
චීනය වත්මන් ආණ්ඩුව බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කර ඇති බවත්, නොගත් පොහොරවලට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රටට සිදුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම තත්ත්වයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් වග කිව යුතු බවත්, ඉදිරි සජබ ආණ්ඩුවක් යටතේ මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.
එම ආණ්ඩුව ඩීල් නොදමන ආණ්ඩුවක් බව කී මරික්කාර් මහතා එහි රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයන් නොමැති බවද කියා සිටියේය.
ඩීල් නෑ! රනිල්ලා නෑ! ඊළඟට එන්නේ සජබ ආණ්ඩුවක්! නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා! වැරදි කරපු සියලු දෙනාම උසාවියට ගෙනියනවා! (VIDEO)
2021-12-15T13:44:00+05:30
Gossip Lanka Hot News