gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙම්වතියක් පැහරගෙන ගිය ටිපර් රථය ඇලකට පෙරලේ.. අයෙක් මරුට.. දෙදෙනෙකුට තුවාල.. පෙම්වතියට බරපතලයි…

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ පැහැරගැනීමක් සිදුකොය අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව වතුර ඇලක පෙරලීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් ටිපර් රථයකින් පැමිණි පරිසක් විසින් බලහත්කාරයෙන් පැහරගෙන ටිපර් රථයකින් පලාගොස් ඇති අතර ටිපර් රථය පසුපස පැහැරගත් තරුණියගේ පෙම්වතා යතුරුපැදියකින් ලුහුබැඳීම හේතුවෙන් ටිපර් රථය අධික වේගයකින් ධාවනය කිරීමේදී එහි වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව වට්ටකච්චි නව පාලම අසලදී ටිපර් රථය වතුර ඇලට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

ටිපර් රථය පෙරලීමෙන් එහි සිටි පැහැගැනීමට ලක් වූ තරුණිය සහ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර බරපතල තත්වයේ සිටි තරුනිය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.

අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩිලක්ෂණ් නැමති තරුණයෙකු වන අතර මළසිරුර කිලිනොච්චිය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමුකොට ඇත.

කෙසේ වෙතත් අනතුරින් පසුව ටිපර් රථයේ සිටි රියදුරු පලා ගොස් ඇති අතරම ටිපර් රථය පොලිස් භාරයට ගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka