gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගල් ඇමති තවත් රක්ෂිතයක් බිලිගනී

වන අලින් ගම් වැදීම නතර කිරීම සඳහා බව කියමින් උඩවලව රක්ෂිතයේ මායිමේ දැවැන්ත අගලක් ඉදිකරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ. උඩවලව වනෝද්‍යානය තණමල්විල පාරට මායිම්ව මෙම අගල ඉදිකරමින් පවතී. මෙවැනි අගල් මගින් වන අලින්ගේ සංචාරය ඉතාම කෙටි කාලයකට සීමා කිරීමට හැකි වුවද ඔවුන්ගේ මාර්ගය යළි යථාවත් කර ගැනීමට බොහෝ විට උත්සාහ කරයි. එම ක්‍රියාවේදී අගලට ඇදවැටෙන අලින් ගොඩ ගැනීම සහ නැවත අගල ගැඹුරු කිරීම හෝ යථාවත් කිරීමට දිගින් දිගටම සිදුවේ. මේ නිසා අදාළ කොන්ත්‍රාත්කරුවන්ට අඛණ්ඩව මුදල් ගලා ඒමේ මාර්ග විවෘත වේ.

ඊට අමතරව දේශීය සහ විදේශීය සංචාරකයින් ගමන් කරන තණමල්විල – උඩවලව මාර්ගයේ මෙම රක්ෂිතයට අදාළ දර්ශන කිසිවක් දැකගැනීමට නොහැකි වන පරිදි පස් බැම්මක් ගොඩකර තිබේ. අලි වැටක් ඉදිකිරීමෙන් සංචාරකයින්ට අවශ්‍ය දර්ශනීය ප්‍රදේශ නැරඹීමට බාධාවක් නොවන අතර නමුත් ක්‍රමවත් අලි වැටක් ඉදිකිරීම වෙනුවට මෙම අගල් ඉදිකරමින් පවතී. අගල කැපීම වෙනුවෙන් වන වැස්ම කිලෝමීටර් ගණනක් දුරට විහිදෙන පරිදි අවම වශයෙන් මීටර් 10ක වත් බිම් තීරුවක් විනාශයට පත් වේ. මේ තුළ ඇති වටිනා ශාඛ දැව සඳහා විකිණීමේ ජාවාරමක් පැවතිය හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.





ඡායාරූප උපුටා ගැනීම සමාජ මාධ්‍යයෙනි.

-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka