gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් බිලියන එකහමාරේ චීන ණය පුස්සක් වෙයි! විමල්‌ ලොකුවට කියපු කතාවට මහබැංකු හිටපු ලොක්කකුගෙන් උත්තර!

චීනයෙන් ලැබෙන බව පැවසෙන ඩොලර් බිලියන 1.5 ක ණය මුදල ලැබෙන්නේ ඩොලර් වලින් නොව, යූ ආන්වලින් බව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසයි.

එම නිසා, ලංකාව ලබාගෙන තිබෙන ඩොලර් ණය පියවීම සදහා එම මුදල් භාවිතා කළ නොහැකිය. එම මුදල් භාවිතා කළ හැක්කේ චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීම සදහා පමණක් බවද පැවසේ.

කොටින්ම, ලංකාව චීනයෙන් ණය ලබාගෙන තිබෙන්නේ ඩොලර්වලින් නිසා, චීනයෙන් ගෙන තිබෙන ණය පියවීමටවත් එම මුදල් භාවිතා කළ නොහැකි බව පැවසේ.

කෙසේ වෙතත් චීනයෙන් ලැබෙන ණය මුදල මේ මොහොතේ රටට වැදගත් බවත්, අපගේ ආනයන පරිමාව ඉන් ඉහළ යන බවත් හිටපු මහබැංකු අධිපතිවරයා පවසයි.

චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ලැබීමට නියමිත බවත්, ඒ සමග විදේශ විනිමය සංචිත ඉහළ යනු ඇති බවත්, ඒ අනුව රට මේ මොහොතේ මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් යම් තරමක හෝ ගොඩ යාමක් බලාපොරොත්තු විය හැකි බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දා ප‍්‍රකාශ කලේ ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහබැංකු අධිපතිවරයා උපුටා දක්වමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka