gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිනිබත් නැවේ ලොක්කන් ශ්‍රී ලංකාව අවමානයට පත්කරයි

වර්තාමන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා සෑම අතින්ම ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ අවමානයට ලක් ‌කෙරෙමින් තිබෙන අතර ගිනිබත්වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ ලොක්කන් සහ රක්ෂණ නියෝජිතයන්ද මේ වන විට මෙරට අවමානයට ලක් කරන්නන් අතරට එක්වී සිටිති.
එම නැව ගිනි ගැනීම නිසා මෙරට මුහුදු තීරයේ පරිසර කළාපවලට සිදු වූ අපවිත්‍රතාවයන් ඉවත් කිරීම සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 3.9ක් ලැබිය යුතු වුවද, එය ඩොලර් මිලියන 2.5 දක්වා කපා හැරීමටත් ලංකාවේ රක්ෂණ නියෝජිතයන් කටයුතු කර ඇත. මේ ආකාරයට ඉතා අවමානයට පත්කර සොච්චම් වන්දියක් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියට ලබා ගැනීමට එකඟවී තිබේ. ආණ්ඩුව මෙයට මැදිහත් වී වෙරළබඩ තීරය පිරිසිදු කිරීමට වැය වූ මුදල පවා ලබා ගැනීමට ක්‍රියා නොකරන බව මෙයින් තහවුරු වී තිබේ. මෙයට පෙර බ්ලූ ඩයමන්ඩ් නවුකාව ගිනි ගත් අවස්ථාවේදී ද රටට ලබා ගත යුතු නිසි වන්දිය ලබා ගැනීමට ආණ්ඩුව කිසිදු ප්‍රයත්නයක් නොගත් අතර මෙම නවුකාව ගිනිගත් දින සිටම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිසි වන්දියක් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට වන්දි අත්හැරීමේ උපක්‍රමයක් දිගටම අනුගමනය කරනු ලැබීය.


රාජ්‍ය ඇමතිවරයෙකු වන නාලක ගොඩහේවා එම ඇමතිවරුන් අතර ප්‍රමුඛස්ථානයේ සිටිමින් වන්දි ලබා ගැනීඹට වඩා වන්දි ලබා නොගැනීමට හේතු ඉදිරිපත් කළ අයෙකි. ඔහු එසේ වන්දි ලබා නොගැනීමට හේතු දක්වමින් කළ ප්‍රකාශයක් මෙසේය.

“අවාසනාවකට වගේ නිව් ඩයමන්ඩ් නැවේ සිදුවීමේදී වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියට සිදුවූ දේම මෙහිදීත් සිදුවෙන්නට හැකියාව තියෙනවා. අපිට ගලවාගැනීමේ වගකීම භාරගන්න බැරි ඇයි කියලා මමත් වගකිවයුතු ආයතනවලින් ඇහුවා. මොකද වන්දි ගෙවීම සිදු කරන්නේ ගලවගැනීම් සිදුකරන (Salvage) ආයතනය විසින්. බ්ලූ ඩයමන්ඩ් නැවේ සිදුවීමේදී සිංගප්පුරු ආයතනයක් ඒ වගකීම ගත්තා. ඔවුන් තමයි ඒ ඒ ආයතනවලට වන්දි ගෙව්වේ. ඒ වෙලාවේ ගණනය කරපු මිලියන හාරසිය ගණන පමණයි අපට ලැබුණේ. නැව ගලවා ගැනීමෙන් අපට ආදායමක් ලබාගන්න බැරි වුණා.

මම වරාය අධිකාරියෙන් සහ වගකිවයුතු ආයතනවලින් මේ ගැන ඇහුවා. වරාය අධිකාරිය ඊට පියවර ගෙන නැත්තේ ඊට අදාළ තාක්ෂණ දැනුම අපට නැති නිසා. එහෙම කරන්න නම් ඒ සඳහා විශේෂඥ හැකියාව ඇති සමාගම් අපට තිබිය යුතුයි. නමුත් අන්තර්ජාතික සමාගමක් සමග එකාබද්ධව එවැනි සමාගමක් පිහිටුවීමට පවා අපේ නාවික නීතියේ බාධා පවතිනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka