ඉන්ධන මිල වැඩි කිරීම මදි.. තවත් වැඩි කල යුතුයි…
ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කළාට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහල දැමිය යුතු බව යුතුව තිබේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියකින් ඒ බව පැහැදිලි වෙයි.
ඔහු පෙන්වාදී ඇත්තේ පවතින අර්බුදය හමුවේ පෙට‍්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11 කින් වැඩි කළ යුතු බවයි.
නමුත් ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබුණේ පෙට‍්‍රල් රුපියල් 20කින්, ඩීසල් රුපියල් 10කින්, භූමිතෙල් රුපියල් 10 කින් ලෙසයි.
ඉන්ධන පරිභෝජනය අඩු කර විදේශ විනිමය රැක ගැනීමේ පියවරක් ලෙස මෙම මිල ඉහල දැමීම් මහ බැංකුව විසින් නිර්දේශ කර තිබින.
ඉන්ධන මිල වැඩි කිරීම මදි.. තවත් වැඩි කල යුතුයි…
2021-12-21T17:52:00+05:30
Gossip Lanka Hot News





