gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇවන්ගාඩ් සභාපතිගේ ඉඩමකින් හිස් කබලක් හා ඇටකටු හමුවෙයි..

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට අයත් බව කියන අලුත්ගම සින වත්ත වැලිපැන්න පාර ප්‍රදේශයේ සංචාරක නිකේතන භූමියේ නව ඉදිකිරීමක් සඳහා කැණීම් කිරීමේදී හමුවතිබෙන මිනිස් හිස් කබල කොටස්සහ ඇටසැකිලි කොටස් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි කළුතර නාගොඩ මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියා න් අමරසේන මහතා ස්ථානීය පරීක්ෂණයට ලක්කර බව අලුත්ගම පොලීසිය පැවසීය.

මෙම පරිශ්‍රය ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට අයත් එකක් බවත් එම ආයතනය මෙයට මාස තුනකට පමණ කලින් යාබද බ්ලොග් ගල් ව්‍යාපාරයක් පවත්වන ඉඩමෙන් පර්චස් පහක් මිලදී ගෙන ඇති අතර එම කොටසේ සිදුකළ කැණීමකදී මෙම මිනිස් හිස්කබල් කොටස් හමුවූ බව ඇවන්ගාඩ් ආයතනයේ නිලධාරියෙක් අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල අනුව පොලිසිය වහා ක්‍රියාත්මක වී උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කළුතර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ව පොලිස් පැමිණිල්ල ලැබුණු දිනට පසුදා එම හිස් කබල කොටස් හමුවූ කැණීම් කළ ස්ථානය පරීක්ෂාවට ලක්කර බව අලුත්ගම පොලිසිය හා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සඳහන් කළහ .

වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඒ අනුව එම ස්ථානයේ පරීක්ෂණයෙන් අනතුරුව එම ආයතනය සිදු කරනු ලැබූ කැණීම් තාවකාලිකව නවතා පොලිස් ආරක්ෂාව එම ස්ථානයට යොදවන්නැයි කළ නියෝගය ක්‍රියාත්මක කළ බව අලුත්ගම පොලීසිය පැවසීය.

එම නියෝගය ක්‍රියාත්මක කළ පොලීසිය පසුදිනම කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කැඳවා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සමග එම ස්ථානයේ නැවත පරීක්ෂාවකින් පසු මෙම භූමියෙන් සොයා ගනු ලැබූ හිස් කබල සහ ඇටසැකිලි කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මුද්‍රා තබා නාගොඩ රෝහල වෙත රැගෙන යන්නැයි පොලිසියට නියෝග කළ බව කියයි .

එම ස්ථානයට යොදවා තිබූ පොලිස් ආරක්ෂාවද මෙම පරීක්ෂාවෙන් පසු ඉවත් කර තාවකාලිකව නවතා තිබූ කැණීම් කටයුතුවලට අවසර ලබාදී ඇතැයි ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .

මෙම හිස් කබල කොටස් හා ඇටසැකිලි වසර ගණනාවක් පැරණි ඒවා විය හැකි බව විශ්වාස කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර , කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත අලුත්ගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ , අපරාධ අංශස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි. පි .වරුෂවිතාන , පොලිස් පරීක්ෂක අංජන සිල්වා, පොලිස් සැරයන් කීර්ති යන මහත්වරු සමග කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .

– තුසිත කුමාරද සිල්වා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka