gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රේණිගත කිරීම් පහළටම වැටිලා. ඉදිරියේදී ණය මුදලක්වත් ගන්න බැරි තැනකට රට තල්ලු වෙලා - විපක්ෂ නායක සජිත් (VIDEO)

වර්තමාන ආණ්ඩුව ගොවීන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන බවත්, අද වන විට ගොවියාට ඉතිරිව ඇත්තේ තමන්ගේ කුඹුරු දෙස බලාගෙන සුසුම් හෙලීම පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වස සහ අසූචි මිශ්‍ර පොහොර භාවිතාවක් කරන ගොවීන්ට විවිධ අසාත්මිකතා ඇති වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, පොහොර ගෙන්වීමෙන්ද කළු කඩ මාෆියාවක් නිර්මාණය කොට ඇතැයි සඳහන් කළේය.

අද වන විට රට ණය ශ්‍රේණිගත කිරීම් අතර ඉතා පහලට වැටී ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඉදිරියේදී ණය මුදලක්වත් ලබා ලබා ගැනීමට නොහැකි තැනකට රට තල්ලු වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (18) ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ පැවති ''නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට''  වැඩසටහන අමතමිනි. එහිදී එම ප්‍රදේශයේ ගොවිජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසා බැලීමට විපක්ෂ නායකවරයා අමතක නොකළේය. විශේෂයෙන්ම ආණ්ඩුවේ අදූරදර්ශී කෘෂිකර්ම ප්‍රතිපත්තිය හේතුකොටගෙන තමන් බලවත් ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි ප්‍රදේශයේ ගොවිජනතාව විපක්ෂ නායකවරයා වෙත සැල කර සිටියේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka