ඉන්ධන ගෙන්වීම තවත් අර්බුදයක් වෙයි.. බාන්න බැරිව නෞකා වරායේ.. දිනක ප්‍රමාද ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 18,000ක්...
මෙරටට රැගෙන එන ලද පිරිපහදු කරන ලද ඉන්ධන සහිත නෞකා නියමිත කාලයට ගොඩබෑමට නොහැකිව තත්ත්වයක් උදාවී තිබේ. එම තත්ත්වය මත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අතිරේක පාඩුවක් විඳීමට සිදුව ඇත.
සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමෙන් පසු පිරිපහදු කළ පෙට්‍රල් ඩීසල් ඇතුළු ඉන්ධන ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටී.
නමුත් මෙරට දෛනිකව අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණය ගබඩා කිරීම සඳහා පර්යන්ත වල ධාරිතාව ප්‍රමාණවත් නොවණ නිසා ඉන්ධන රැගෙන පැමිණ නෞකා වලට අමතර කාලයක් රැඳී සිටීමට සිදුවේ.
එනිසා ඒවාට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වෙමින් ඇති අතර එලෙස ප්‍රමාද වන එක් නෞකාවක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 18,000 ක පමණ මුදලකි.
-lankacnews
ඉන්ධන ගෙන්වීම තවත් අර්බුදයක් වෙයි.. බාන්න බැරිව නෞකා වරායේ.. දිනක ප්‍රමාද ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 18,000ක්...
2021-12-04T13:14:00+05:30
Gossip Lanka Hot News






