gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අල්ලිරාජා ආ ගමන් ඇමති විමල් රටින් පනියි; ඩයස්පෝරා ආධාරත් එයි

යහපාලන රජය සමයේ විපක්ෂයේ බරපතළ චෝදනාවලට ලක්වූ බ්‍රිතාන්‍යයේ ලයිකා මොබයිල් ව්‍යාපාර සමූහයේ හිමිකරු වන ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත අල්ලිරාජා සුභාෂ්කරන් මහතා හදිස්සියේම ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැන ගැනීමත් සමඟ කර්මාන්ත අමාත්‍ය විමල් වීරංවංශ මහතා රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

වීරවංශ මහතා මෙසේ රටින් පිටව ගොස් ඇත්තේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට (2nd Regional Conference on Industrial Development (RCID)  _ 2021) සහභාගිවීම සඳහාය.

ඔහු පෙරේදා (08) මෙසේ රටින් පිටව ගොස් ඇති අතර සුභාෂ්කරන් මහතා ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය  (07) වැනිදාය.

අමාත්‍යවයා සහභාගිවන මෙම සමුළුවට දකුණු ආසියානු රාජ්‍ය වැඩි උනන්දුවක් දක්වන එකක් නොවන බවත්, මේ සඳහා සහභාගිවන්නේ  UNIDO සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල කර්මාන්ත අමාත්‍යවරු බවත් වාර්තා වේ.

මෙම සමුළුව ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය පිළිබඳ සංවිධානයේ  (UNIDO)  සහයෝගීතාවයෙන් සංවිධානය කරන්නකි.  

එය ලබන 10 - 11 දෙදින තුළ “තිරසර කාර්මීකරණය සඳහා කර්මාන්ත කඩිනම් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ.

යහපාලන රජය සමයේ විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටි විමල් වීරවංශ 2019 පෙබරවාරි 10 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා කිසා සිටියේ අලිරාජාට මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු කිරීමට ඉඩ දෙන යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින්ට තමන් නියෝජනය කරන රජයක් යටතේ දඩුවම් විදීමට සිදු වන බවයි. 

කෙසේවුවද, අලිරාජා මෙරට ව්‍යාපාර කටයුතු පුලුල් කර ගැනීමට මෙවර දිවයිනට පැමිණ ඇත්තේ විමල් වීරවංශ කැබිනට් අමාත්‍ය ධුරයක් උසුලන රජයක් පවතින පසු බිමකදීවීම අමාත්‍යවරයා මෙසේ හදිස්සියේ විදෙස්ගතවීමට හේතුව බව ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

දැඩි ආරක්ෂාවක්...

මේවන විට දැඩි  ආරක්ෂාවක් සහිතව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඒ මහතා නවාතැන්ගෙන සිටින බව වාර්තා වේ.

ජනපතිවරයාට කිට්ටු හිමිනමක් දෙමළ ඩයස්පොරාවේ ආධාර ලබා ගැනීමට සැලැසුම්කර ඇති බවට සතිඅන්ත පුවත්පතක් මීට පෙර හෙළිකර තිබූ අතර අදාළ සැලැසුමට අනුව සුභාෂ්කරන් ලංකාවට පැමිණ ඇතැයි ද මේ අතර වාර්තා වේ.

සුභාෂ් කළු සල්ලි සුදු කරන ලොන්ඩ්‍රියක්?

මේ අතර, මව්බිම ඊයේ (09) වාර්තාකර ඇත්තේ සුභාෂ්කරන්ට ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය පිළිබඳව බරපතළ චෝදනා එල්ල වූ අයෙක් බවයි.

එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

මොහු පසුගිය යහපාලන රජය සමයේ ස්වර්ණවාහිනි මාධ්‍ය ජලය ඇතුළු ‘එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම්’ සමූහයේ දේපළ මිලට ගැනීමට කටයුතු කළේය. 

ඔහුට එම දේපළ විකිණීම සිදුව ඇත්තේත් ඒවා ලබාගෙන ඇත්තේත් නීති විරෝධී අයුරින් බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම මඟින් නිර්දේශයට ලක්කර තිබියදී මෙසේ නිරුපද්‍රිතව මෙරටට පැමිණීමද ගැටළුසහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

දෙමළ ඩයස්පෝරාවට ‘මුදල් පොම්ප කරන’ අයකු ලෙස ඔහු චෝදනාවට ලක්ව සිටියේය.

මේ අතර එල්.පී.එල්. තරගාවලිය සඳහා සහභාගි වන ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ කණ්ඩායමේ හිමිකාරිත්වයද ඔහු විසින් ලබාගත් බව පසුගියදා අනාවරණය විය. ඔහු කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණ ඇත්තේ විශේෂ අමුත්තන් භාවිත කරන ප්‍රභූ පර්යන්තය හරහා බවද වාර්තා වේ.

පෙරේදා දිවයිනට පැමිණි ඔහු කොළඹ තරු පන්තියේ හෝටලයක සාදයක්ද පවත්වා ඇති බව වාර්තා වන අතර, ඊට මෙරට ප්‍රභූ පෙළැන්තියේ හා දේශපාලන චරිත කිහිපයක්ම එක්ව සිටි බවද දැනගන්නට තිබේ.

එමෙන්ම ඔහු පෙරේදා  (08දා) දිනයේදී උතුරේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය බලා ගුවනින් ගොස් එහි පිහිටි සුප්‍රකට කෝවිලක පූජාවක් පවත්වා ඇති බවද දැනගන්නට තිබේ. 

යහපාලන රජය සමයේ බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය සඳහා වැඩිම ලංසුව ඉදිරිපත් කර තිබූ දේශීය ව්‍යාපාරිකයකු නොසලකා හරිමින් සුභාෂ්කරන් හට ස්වර්ණවාහිනිය ප්‍රමුඛ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය ලබාදීමට පසුගිය යහපාලන රජයේ බලවතුන් විසින් කටයුතු කරන ලදී. 

යුරෝපීය එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමඟ සබඳතා පවත්වන සුභාෂ්කරන් ලොව බොහෝ රටවල මුදල් විශුද්ධිකරණය ගැන චෝදනා ලැබූවෙක්ද වේ.

එමෙන්ම ලොව බොහෝ රටවල් සුභාෂ්කරන්ගේ ලයිකා මොබයිල් ජාලය අසාදු ලේඛනගත කර ඇති අතර ඔහුගේ ව්‍යාපාර සමූහයටත් විවිධ සම්බාධක පනවා තිබේ.

මේ හේතූන් නිසා ලොව බොහෝ රටවල් ඔහුට තම රටවලට ඇතුළුවීම සඳහා අවසර ලබා නොදෙන බවද වාර්තා වේ.

අල්ලිරාජා සුභාෂ්කරන් 1972 වසරේදී මුලතිව්, මුල්ලියාවලිහිදී උපත ලබා තිබේ. 2006 වසරේදී Lycamobile සමාගම ආරම්භ කළ ඔහු මේ වන විට බි්‍රතාන්‍යයේ දැවැන්ත ව්‍යාපාරිකයකු බවට පත්ව සිටී.

ඔහුට අයත් Lycamobile Productions ආයතනය 2008 වසරේදී පිහිටුවා ඇති අතර දෙමළ චිත්‍රපට රැසක් ඒ මඟින් නිෂ්පාදනය කර තිබේ.

ඔහුගේ වත්කම් මේ වන විට පවුම් බිලියන 04ක් පමණ වන බව වාර්තා වේ. 

සුභාෂ්කර් බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ 640 වැනි ස්ථානයේ පසු වන බවද පැවැසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka