gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුක්තිය ඉල්ලන සිරිල් ගාමිණී පියතුමන්ට, කාදිනල් හිමිට එරෙහිව ’’වොයිස් කට් නිකාය’’ එළියට බස්සයි - (VIDEO)

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලන සිරිල් ගාමිණී පියතුමා, කාදිනල් හිමි ඇතුළු පිරිස් සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක කරුණු දැක්වීමක් රජයට හිතවත් ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා දෙදෙනෙකු විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකරනු ඊයේ (09) දක්නට ලැබිණි. 

"නීතිය නම් නීතිය. මේ ආණ්ඩුවේ ඉන්න පොලිසියේ ලොක්කන්ට කොන්ද නෑ මට හිතෙන්නෙ. සීඅයිඩී එකට කොන්ද නෑ. හාමුදුරුවො කෙනෙක් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා නම් මේ වෙනකොට අල්ලලා හිරේ දාලා කරන්න ඕනෙ ටික සේරම කරලා. එහෙනම් පන්සලත් වටකරලා. හැබැයි සිරිල් ගාමිණී පියතුමාට බයයි. ප්‍රකාශයක් කළා නම්, තමන් කරපු ප්‍රකාශය සත්‍යය නම් පූජකවරයෙක් හැටියට එතුමාට පැහැදිලිවම ඇවිල්ලා තමන් කැමැත්තෙන් ඉදිරිපත් වෙලා මේකෙ සත්‍යතාවය කියන්න ඕනෙ. මේගොල්ලො හිතාන ඉන්නෙ තෙයියත් තෙයියත් තෙයියත් තාම් කිව්වාම ඒ කියන පදයට රටේ ජනාධිපති නටන්න ඕනෙ කියලා. ගහන ගහන පදේට රටේ ජනාධිපති නටන්න ඕනෙ, සීඅයිඩී එක නටන්න ඕනෙ, බුද්ධි අංශ නටන්න ඕනෙ කියලා. අද කා එක්කද යන්නෙ මේ කට්ටිය ? සමගි ජන බලවේගය එක්ක. සහරාන්ලා ගහනකොට හිටියෙ අපිද ? සිරිල් ගාමිණී පියතුමාලාටත් විලිලැජ්ජාව නෑ. උන් එක්කම යනවා යුක්තිය සාධාරණය ඉල්ලාගෙන" යනුවෙනුයි රාවණා බලය සංවිධානයේ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පැවසුවේ. 

"බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහත්මා බුද්ධි අංශ ප්‍රධානියා විදියට සහරාන් හෂීම් ඇතුළු මේ අන්තවාදීන්ට මුදල් දීලා මේ ප්‍රහාරය සිද්ධ කළාය කියලා මතයක් හදන්න හදනවා. අනිත් පැත්තෙන් චම්පික රණවක ඇතුළු කණ්ඩායම ෆාදර් සිරිල්, ෆාදර් පැට්‍රික් අල්ලාගෙන චම්පිකගෙ ජනාධිපති සිහිනය වෙනුවෙන් දේශපාලනය කරන ගමන් කාදිනල් තුමාත් තමන්ගෙ සීමාව ඉක්මවා යමින් දිගින් දිගටම කටයුතු කරනවා. මේ අය මේ විදියට දඟලන්නේ රනිල් වික්‍රමසිංහ විසින් අපි දන්නවා අපහාස නීතිය ඉවත් කළා ඔහුගේ බලය තියෙන කාලෙදි. එනිසා අපි ආණ්ඩුවට කියනවා වහාම අපහාස නීතිය ගේන්න. ඒ අපහාස නීතිය නොගෙනාවොත් මීට වඩා භයානක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මොකද මේ හිතූ හිතූ මනාපෙට දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නෙ" යැයි සිංහලේ සංවිධානයේ මහලේකම් මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි සඳහන් කළා. 

මේ භික්ෂුන් වහන්සේලා දෙදෙනා මේ බව පැවසුවේ ඊයේ (09) සිංහලේ සංවිධානය සහ රාවණා බලය සංවිධානය කොළඹදී පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමිනි. 


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka