’’පිරිපහදුව වැහුවේ නැහැ වැස්සුවා’’ කොමිස් ගන්න ගිහින් ඇමති ගම්මන්පිල වැඩ වරද්ද ගත්තා ද? (VIDEO)
විෂයභාර අමාත්‍යවරයා විසින් බොරතෙල් නියමිත ක්‍රමවේදය අනුව ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා මේ වන විට පිරිපහදුව වසා දැමීමට සිදුව තිබෙන බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු,මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා අද (16) අනාවරණය කළේය.
බොරතෙල් ගෙන්වීමේදී ලියාපදිංචි වී සිටින සමාගම් වෙතින් ටෙන්ඩර් කැඳවා දීර්ඝ කාලීනව ඔවුන් මෙරටට බොරතෙල් සැපයූ ආකරය ගැන සැලකිලිමත් වී එම ටෙන්ඩරය දිය යුතු වුවද විෂය භාර අමාත්‍ය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදුකර ඇත්තේ නයිජීරියානු සමාගමකට එම ටෙන්ඩරය දීම බව ඔහු කියාසිටියේය.
මෙහිදී මෙරට ලියාපදිංචි වී සිටින සමාගම් වෙත විවෘත කැඳවීමක් නොකර උක්ත ටෙන්ඩරය අමාත්‍යවරයා විසින් නයිජීරියානු සමාගමකට දී ඇති බවටයි චෝදනා එල්ල වුණේ.
''පෙට්‍රල්,ඩීසල් ආවා. හැබැයි බොරතෙල් ගෙන්වන්න මේ සමාගමට බැරි වුණා. ජුනි මාසෙන් පස්සේ මේ සමාගමට බොරතෙල් දෙන්න බැරිවුණා. ඒක ඒ සාමාගම අත්හැරිය නිසා ඇමතිවරයාට සිදුවුණා ක්ෂණික මිලදී ගැනීම් වලට යන්න. නමුත් අපේ හිටපු හොඳ සැපයුම්කරුවෝ මේවට බිට් කළේ නැහැ. ලංසු 11ක් කළා. බොරතෙල් වැඩක් නැත්නම් පිරිපහදු නම් ලාභ ඖෂධයි,කිරිපිටියි,සීනි ඇතුළු ඒවා ගේන්න ඉතුරු කරන්න ඕන නම් ඇමතිතුමනි ඇයි දිගින් දිගටම බොරතෙල් මිල ගණන් කැදෙව්වේ. ඒ වුණාට ආවේ නැහැ. ඔක්තෝම්බර් 05 වැනිදායින් පස්සේ බොරතෙල් ගෙන්වල දුන්නේ නැහැ ලෝකයේ හිඟයක් නැතුව තියෙද්දී. ඒ නිසයි 50%ක් ධාරිතාවය අඩුවෙන් පිරිපහදුව දිව්වේ.'' යනුවෙන් ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
’’පිරිපහදුව වැහුවේ නැහැ වැස්සුවා’’ කොමිස් ගන්න ගිහින් ඇමති ගම්මන්පිල වැඩ වරද්ද ගත්තා ද? (VIDEO)
2021-11-17T00:44:00+05:30
Gossip Lanka Hot News






