gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

IMF ලෝන් ගන්න යන්න ඕන නෑ... අපි ගංජා වවලා රට ගොඩගමු - ඩයනා යළි ගංජා පාර්ලිමේන්තුවට අරන් එයි (VIDEO)

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස් කර ගත හැකි බව මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය පවසයි.
මන්ත්‍රීවරිය අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අවස්ථාවක් උදාවන බවයි.

තේ, රබර්, පොල් වාණිජ භෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ මීට පෙර පැවති අවකාශය අහිමිව ඇති වටපිටාවක් තුළ ස්වභාව ධාර්මයෙන් ලබා දී ඇති කංසා වගාව නීතිගත කර අපනයනයට මෙය කදිම අවස්ථාවක් බව ද ඇය සඳහන් කළා ය.

තව ද කංසා අපනයනයෙන් ආදයම් ලබන ලොව අනෙකුත් රටවල් පිළිබඳ මෙන්ම අනාගතයේදී කංසා අපනයනයේ ඇති වාසි  පිළිබඳ පුරෝකථනය කරන ලද දත්ත ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කළා ය.

ඇය පැවසුවේ, කංසා වාණිජ භෝගයක් ලෙස වගා කර අපනයනය කිරීම හරහා තවදුරටත් අන්තර්ජාතික මූල්‍ය අයතනවලින් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවන බවයි.

”අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ.  කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ . ස්වභාව ධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා නීතිගත කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයා ගත යුතුයි”

මන්ත්‍රීවරිය සඳහන් කළේ, ලෝකයේ කංසා යොදා ගනිමින් විවිධ නිෂ්පාදන සිදු කරන බවත් එලෙස නිෂ්පාදනය කරන ලද රූපලාවන්‍ය ක්‍රීම් වර්ග, දත් බෙහෙත් , දත් බුරුසු වැනි දේ ජනතාවට පෙන්වීම සඳහා   රැගෙන ආව ද සභාව තුළට රැගෙන ඒමට අවසර නොලැබුණු බවයි.

රාජ්‍ය අනුග්‍රය ඇතිව කංසා වගාවක් ලෙස නීතිගත කර අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන ඒම සඳහා ඇති එකම බාධකය බ්‍රිතාන්‍ය යුගයේ පනවන ලද ආඥා පනත බවත් එය අහෝසි කළ යුතුව ඇති බව ත් මන්ත්‍රීවරිය කියා සිටියා ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka