gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ස්වර්ණවාහිනී හිමිකරු අල්ලිරාජා මරණ තර්ජන කළැයි රාජ් උසාවි යයි!

එංගලන්තයේ ලයිකාමොබයිල් (Lycamobile) සමාගමේ සභාපති අල්ලිරාජා සුබාස්කරන් මහතා තමාට මරණ තර්ජන එල්ල කරන ලදැයි එම සමාගමේ හිටපු ව්‍යාපාර සැලසුම් ප්‍රධානී බාලසිංහම් රාජ්ශංකර් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ ලයිකා මොබයිල් සමාගම රටවල් කිහිපයක සිදුකරන ලද අත්තනෝමතික සහ අනීතික මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ලයිකා මොබයිල් සමාගමේ සභාපතිවරයා සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූවක් බවද ඔහු අධිකරණයට හෙළිකර තිබේ.

ඉන් පසුව තමාට පමණක් නොව තම පවුලේ අයට ද මෙලෙස තර්ජන එල්ල වෙමින් පවතින්නේ ඇයි බාලසිංහම් මහතා අධිකරණය වෙත දැනුම් දී ඇත.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන්නේ ද ලයිකාමොබයිල් (Lycamobile) සමාගමට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ආයතනයක් වන බෙන් හෝල්ඩින් සමාගම බවද බාලසිංහම් මහතා අධිකරණය වෙත දන්වා ඇත.

ලයිකාමොබයිල් (Lycamobile) සමාගමේ සභාපතිවරයා සහ ඔහුගේ සමීපතම ජේෂ්ඨ නිලධාරීන් එංගලන්තයේ දී සිදු කරන ලද හිරිහැර සහ තර්ජන සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද බාලසිංහම් රාජ්ශංකර් අධිකරණයට දැනුම්දී තිබේ.

එංගලන්තයේ සිදු කළ හිරිහැරවලින් නොනැවතී ලයිකාමොබයිල් (Lycamobile) සමාගමෙන් තමා ඉවත් වී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ද තමාට සහ පවුලේ අයට නාඳුනන පිරිස් පැමිණ දිගින් දිගටම මරණ තර්ජන එල්ල කරන බවද බාලසිංහම් රාජශංකර් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත.

එංගලන්තයේ ලයිකාමොබයිල් (Lycamobile) සමාගමේ සභාපති අල්ලිරාජා සුබාස්කරන් නිර්මාතෘත්වය දරණ ඥානම් පදනමේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින හෙයින් එලෙස අත්අඩංගුවට ගතහොත් තමාට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා බාලසිංහම් රාජ්ශංකර් මහතා විසින් ගොනුකරන ලද ඇප අයදුම්පතකට අදාළව ඉහත කරුණු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා තිබේ.

නීතිඥ මයුමි රණවක මාර්ගයෙන් බාලසිංහම් රාජ ශංකර් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම් පතෙහි වග උත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ද නම් කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka