gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති කියපු විස්කි හා ගෙවල් තුනේ කතාවට හිටපු ජනපතිගෙන් පිළිතුරු... මන්ත්‍රීකමත් ඔට්ටුවට තියයි - (VIDEO)

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වූවා.

ඒ තමන්ට එරෙහිව අලුත්ගමගේ අමාත්‍යවරයා එල්ල කළ චෝදනා දෙකකට.

විස්කි චෝදනාව

ඉන් එකක් වූයේ තමන් ජනපති ධුරය දරද්දී විස්කි බිබී ඇමැතිවරු සමග සාකච්ඡා කළ බවට නැගූ චෝදනාවයි.

ඊට පිළිතුරු දෙමින් සිරිසේන මහතා සඳහන් කළේ තමන් මේ සභාවේ නැති අවස්ථාවක අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර ඇති බවත් තමා කිසි දිනක විස්කි තබා සිගරැට්ටුවක්වත් නොබන බව රටේ ජනතාව දන්නා බවයි.

අමාත්‍යවරයා එල්ල කළ අනෙක් චෝදනාව වූයේ හිටපු ජනපතිවරයා විසින් සිය විශ්‍රාමික නිල නිවස නිවාස තුනක් එකට එක්කොට සකසා ඇති බවයි.

හිටපු අගමැතිගේ තීරණයක්

ඊට පිළිතුරු දෙමින් සිරිසේන මහතා සඳහන් කළේ එය වැරදි කතාවක් බවත් තමන් අද සිටින නිල නිවස නිවෙස් දෙකක් එක් කොට සාදන ලද්දේ ඩී.බී.විජේතුංග මහතා ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය ධුරය දරද්දී බවයි.

මෙම නිවෙස් කතාව සමහර මාධ්‍ය තුළත් ගිය බව සඳහන් කරන සිරිසේන මහතා තමා නිවෙස් තුනක් එකට එක්කොට විශ්‍රාමික නිල නිවස හදා ඇති බව පරීක්ෂණයකින් ඔප්පු කළහොත් තම අද දරන මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අනාවරණය කරනවා.

තමා මේ පිළිතුරු දෙන්නේ අලූත්ගමගේ අමාත්‍යවරයාට නොව ඔහුගේ කතාව අසා වැරදි මතයක් ගොඩ නගාගන්නා අයට බවයි සිරිසේන මහතා සඳහන් කළේ.

හිටපු ජනපතිවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඇමතිගෙනුත් ප්‍රතිචාරයක්

හිටපු ජනපතිවරයාගේ එම ප්‍රකාශයෙන් සුළු මොහොතකට පසු අලූත්ගමගේ අමාත්‍යවරයාද සභා ගැබට පැමිණ ප්‍රතිචාර දැක්වූවා.

ඔහු එහිදී සඳහන් කළේ තමන් නැති අවස්ථාවක තමන් කළ ප්‍රකාශයක් ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කර තිබෙන බවත් තමයි ඊට නුදුරේම පිළිතුරු දෙන බවයි.

එම පිළිතුර ලබා දීමේදී ඊට අවශ්‍ය කරන සාක්ෂිද ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka