gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු නඩුව: පැයක් තිස්සේ පූජිත් ජයසුන්දරට අධිචෝදනා කියවා දෙයි! විත්ති කුඩුවේ සිට පූජිත දුන් පිළිතුර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ විත්තිකාර පූජිත් ජයසුන්දර මහතාට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී අධිචෝදනා 855කින් යුත් අධිචෝදනා පත්‍රය අද(22) කියවා දෙනු ලැබුවා.

ඒ එම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.

අන්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා ගොනු කරමින් නීතිපතිවරයා නඩුව ගොනුකර තිබුණි.

විනිසුරු මඩුල්ලේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය විසින් පුරා පැයක පමණ කාලයක් ගත කරමින් කියවා දුන් එකී අධිචෝදනා පත්‍රයේ සඳහන් සියලු අධිචෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාර මාලාව එල්ල කල ත්‍රස්තවාදින්ට සිය සේවා දායකයා හිතමතා අනුබලදීමක් හෝ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ රාජකාරියේදි නීති විරෝධී නොසලකා හැරීමක් නොකළ බව විත්තිකාර පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නා.

කෙසේ නමුත් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ කරුණු 33 ක් සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීමකින් තොරව හා අවසරයකින් හබ කිරීමකින් තොරව විත්තිය පිළිගන්නා බවද එහිදී විත්තිකරුගේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

2019 අප්‍රේල් 21 වන දින සහරා හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන 7 කදී ස්වයං බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ බවට හා එකී ප්‍රහාරවලින් අධිචෝදනා පත්‍රයේ සඳහන් පුද්ගලයින් මියගිය හා තුවාල ලැබූ බව විවෘත අධිකරණය හමුවේදී විත්තියේ නීතිඥවරයා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්ව ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා හා අධිකරණ වෛද්‍ය වාර්තා ඇතුළු ලේඛන සාක්ෂි මෙහෙයවීමකින් තොරව පිළිගැනීමට විත්තිය සූදානම් බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නා.

එම නඩුවේ වැඩිදුර විභාගය හෙට උදෑසන 9 දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ අතර රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නිලන්ත ජයවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් හෙට දිනයේදී අධිකරණය හමුවේ සාක්ෂි දීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka