උඩවලවේ අලි පැටවෙක් සොරකම් කරයි.. ගස් බැද සිටියදී සොයාගනී!
උඩවලව ජාතික වනෝද්‍යානයට මුදා හැර සිටි වන අලි පැටවෙක් ඒ ආසන්නයේ පිහිටි පනහඩුව පන්සල් කන්ද ප්‍රදේශයේ ගස් බැඳ සිටියදී යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
එම අලි පැටියා කිසියම් පිරිසක් විසින් ගස් බැඳලා ඇත්තේ වනෝද්‍යානයෙන් පිටමං කිරීම සඳහා විය හැකි බව වනජීවී නිලධාරින් කියා සිටිති.
අලි පැටවා නිර්වින්දනය කිරීම සඳහා යම් එන්නතක් භාවිතා කර ඇති බවට සැකයක් පවතින බවත් පැටවා ගේ ශරීරයේ ලේ තැවරුණු සලකුණෙන් ඒ බව තහවුරු කර ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් ඔවුන් පවසති.
මුදා ගනු ලැබූ එම අලිපැටියා ප්‍රතිකාර සඳහා ඇත් අතුරු සෙවන ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබේ.
උඩවලවේ අලි පැටවෙක් සොරකම් කරයි.. ගස් බැද සිටියදී සොයාගනී!
2021-11-12T16:06:00+05:30
Gossip Lanka Hot News






