ශ‍්‍රී ලංකා-මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර ක‍්‍රිකට් තරගයක්.. ජනාධිපතිත් ක‍්‍රීඩා කරයිලු
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කණ්ඩායමක් සහ මාල දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා සාකච්චා ඇරඹී ඇත.
මාල දිවයිනේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම ආරාධනාව ශ්‍රී ලංකාව වෙත යොමු කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මාලදිවයිනේ තරඟාවලියක් සඳහා පිටත්ව යනු ඇති අතර එය අවසානයේ මාලදිවයින් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟයකට සහභාගී වීමට සාකච්ඡා කර ඇත.
මාලදිවයින් කණ්ඩායම් සඳහා ඇතැම් විට එරට ජනාධිපතිවරයා ද සම්බන්ධ වනු ඇතැයි මාලදිවයින ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කර තිබේ.
තරග සදහා වියදම් දෙරටේ මන්ත‍්‍රීවරුන් විසින් දැරීමටද යෝජනා වි තිබේ.
කෙසේ නමුත් මෙම තරග ආසන්න දිනයක නොපැවැත්වෙනු ඇති බවද වාර්තා වෙයි.
ශ්රී ලංකා-මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර ක‍්‍රිකට් තරගයක්.. ජනාධිපතිත් ක‍්‍රීඩා කරයිලු
2021-11-12T15:56:00+05:30
Gossip Lanka Hot News






