gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශ‍්‍රී ලංකාව බටහිර ණය උගුලෙන් බේරාගත්තේ අපයි - චීනය ලෝකයටම කියයි

චීනය විසින් ශ්‍රී ලංකාව බටහිර රටවල ‘ණය උගුලෙන්’ බේරාගත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බවයි.

චීනය ප්‍රකාශ කරන ආකාරයට 2017දී ශ්‍රී ලංකාවට හම්බන්තොට වරාය බදුදීමට සිදුවූයේ ඒ වනවිට ගෙවීමට නියමිතව පැවැති අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) ‍වෙනුවෙන් ඩොලර් නොමැතිවීම හේතුවෙනි. එසේ නොමැතිව චීන ‘එක්සිම් බැංකුවට’ ගෙවීමට තිබූ ණයක් පියවීම සඳහා වරාය චීනයට ලබානොදුන් බව තානාපති කාර්යාලය සඳහන් කරයි. එම අර්ථයෙන් ගත් කළ 2017දී චීනය විසින් හම්බන්තොට වරාය බදු පදනමින් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාව සිරවීමට තිබූ අන්තර්ජාතික ණය උගුලෙන් රට බේරා ගැනීමට තම රාජ්‍යය දායක වී ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එසේම මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් චීනය වෙතින් ලබාගෙන ඇත්තේ 10%ක් එනම් ඩොලර් මිලියන 3388.2ක් පමණක් බවද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා උපුටා දක්වමින් තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

– Aruna


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka