gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දට සහ මෛත‍්‍රීට ජනාධිපති විශ‍්‍රාම වැටුප අහිමි වීමේ අවදානමක්!

ජනාධිපතිවරයකුට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට විශ‍්‍රාම වැටුප් හිමිවීම සඳහා වසර 10ක කාලයක් එම ධුරය දැරිය යුතු බවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ පෙරේදා (12) 2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය.

ඒ අනුව දැනට වසර 05ක් සිය ධුරය දැරීම විශ‍්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම වේ.

මෙම යෝජනාවට අනුව තම පක්‍ෂයේ ජනාධිපතිවරුන් දෙදෙනකුට විශ‍්‍රාම වැටුප් අහිමි වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ හිඅනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, මෛත‍්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට සහ දිවංගත ආර්. පේ‍්‍රමදාස මහතාගේ බිරිඳ වන හේමා පේ‍්‍රමදාස ද විශ‍්‍රාම වැටුප් අහිමි වීමේ අවිනිශ්චිත බවක් පවතී.

එසේම ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප‍්‍රමාණයෙන් ලීටර් 05ක් අඩු කිරීමටත් රාජ්‍ය ආයතන වල අලූතින් ගොඩනැගිලි ඉදිකිරීම වසර 02කින් කල්දැමීමටත් මෙහිදී යෝජනා විය.

රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම යෑම වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමටත් රාජ්‍ය සේවයේ වැටුප් විශ‍්‍රාම ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමටත් යෝජනා කළ අතර අලූත් ව්‍යාපාර ආරම්භ කරන විට ලියාපදිංචි ගාස්තු අය නොකිරීමටත් රාජ්‍ය ආයතන වල දුරකථන වියදම් 25% කින් කපා හැරීමටත්, ත‍්‍රිරෝද රථ සඳහා නියාමනයක් ඇති කිරීමටත් ඖෂධ මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට මිල යාන්ත‍්‍රණයක් ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ යෝජනා කඩිනම් කිරීමටත් යෝජනා කළේය.

තව ද 2021 වසරේ අයවැයෙන් යෝජනා කළ ද ක‍්‍රියාත්මක නොවූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක කෙරේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka