gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බොරතෙල් නෑ.. සපුගස්කන්ද පිරිපහදුව වසා දැමේ.. නැවක් එන්නේ මාසෙකින්..

පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර තිබේ. බොරතෙල් ටෙන්ඩරවලට ඉල්ලුම්කරුවන් නැතිවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ. එම පිරිපහදුවේ උසස් නිලධාරියෙක් මේ බව තහවුරු කරයි.

පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් තෙල් පිරිපහදුව වසා දමන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.

බොරතෙල් රැගත් නැවක් මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස තුන්වැනි සතියේය.

ඒ වන තෙක් බොරතෙල් පිරිපහදුව වසා දැමීමට සිදු වනු ඇතැයි තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කියා සිටියි.

එම නැවෙන් ගෙන එන බොරතෙල් ප්‍රමාණවත් වන්නේ දින පහළොවකට පමණක් නිසා නැවතත් ජනවාරි මස මැද නැවක් පැමිණෙන තෙක් පිරිපහදුව වසා දැමීමට සිදුවුනු ඇත.

කෙසේ වෙතත් පිරිපහදු කල තෙල් මිලට ගැනීම හේතුවෙන් මෙරට තෙල් හිගයක් ඇති නොවනු ඇතැයිද බලශක්ති ඇමතිවරයා මීට දින කිහිපයකට පෙර අප වෙත පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka