gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සිරස සුපර් ස්ටාර් තුළින් ජනප්‍රිය වූ ගාමිණි සුසිරිවර්ධන දිවියට සමුදෙයි

රියැලිටි වැඩසටහනක් ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අද (14) උදෑසන අභාවප්‍රාත්ත විය.

කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට වයස අවුරුදු 58 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් සුසිරිවර්ධන මහතා කෙටි කලකින්ම ජන හදවත් දිනා ගත්තේ, ඔහුටම ආවේණික වූ ශෛලියකින් ගීත රැසක් ගායනා කරමිනි.

”දන්නවද මම දුකින්” , ”ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි” .. ආදී ගීත හරහා ඔහු සිය නාමය ලොවට ගෙන ගියේ ය.

ගාමිණි සුසිරිවර්ධන මහතා දෙදරු පියෙකි.

ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) සවස 4.00 සිට බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.

අවසන් කටයුතු හෙට(15) සවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කෙරෙනු ඇත.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka