චීන පොහොර නැව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ - ආරක්‍ෂක ලේකම්
චීන පොහොර නෞකාවක් මෙරටට පැමිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි තමනට සිතාගත නොහැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.
අදාළ චීන නෞකාවේ ඇති පොහොර භාවිතයට නුසුදුසු බවට කරුණු වාර්තා කිරීම නිසා එම පොහොර මෙරටට භාරගැනීම රජය විසින් තහනම් කර ඇතැයිද ඔහු පැවසීය.
එම නරව දින කිහිපයකින් මෙරටින් පිටත්ව යනු ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.
චීන පොහොර නැව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ - ආරක්‍ෂක ලේකම්
2021-11-11T20:18:00+05:30
Gossip Lanka Hot News





